Friday, November 1, 2024

සිංහයින් හා කැන්ගරුවන් අතර පළමු T20 තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය අද (11) පස්වරු 1.30ට ආරම්භ වනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ සිඩ්නි හිදී යි.

ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇරන් ෆින්ච් විසිනි.

මෙම T20 තරඟාවලිය තරඟ පහකින් සමන්විතයි.

තරගයට මුහුණදීම සඳහා කණ්ඩායම මේ වන විට හොඳ සූදානමකින් සිටින බව ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි සඳහන් කළා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නව තරු වන පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ වනිඳු හසරංග පිළිබඳ සියල්ලන්ගේ විශේෂ අවධානය යොමුවනවා.

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් අවසන් වරට 2019 වසරේ පැවැති තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3-0 කින් පරාජය විය.

දෙරට අතර මේ දක්වා පවත්වා තිබෙන විස්සයි විස්ස තරග 17 කදී ශ්‍රී ලංකාව තරග 08කුත්, ඔස්ට්‍රේලියාව තරග 09කුත් වශයෙන් ජයගෙන තිබේ.

ඒ අතරින් ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති තරග 9 කදී ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 5 කි. ඉකුත් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී හමු වූ අවස්ථාවද ඇතුළුව දෙරට අතර අවසන් වරට පැවැති විස්සයි විස්ස තරග පහම ඔස්ට්‍රේලියාව විසින් ජයගෙන තිබීමද විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles