සුපිරි 12 තරගයෙන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදී – හසරංගගෙන් කඩුළු ත්‍රිත්වයක්

0
461

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 142ක් රැස් කළා.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය.

අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 58කින් ලකුණු 72ක් ලබාගත්තා.

ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින්.

චරිත් අසලංක ලකුණු 21යි. දසුන් ශානක ලකුණු 11ක් සහ කුසල් පෙරේරා ලකුණු 7ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටබ්රාසික් ශම්සි සහ ඩ්වේයින් ප්‍රිටෝරියස් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.


අද තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් අඩු ලකුණු හේතුවෙන් ජයග්‍රහණයක් ලබාගන්නට බැරි විය. පරාජයෙන් පසු Points table අනුව ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ 4 වැනි තැනට පත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here