සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

0
543

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයකු වන වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන ඉන්දීය ටෙස්ට් තරග සංචාරයෙන් පසු ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සුරංග ලක්මාල් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5 කදී නායකත්වය හොබවා ඇති දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් 34 වැනි වියේ පසුවෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68 කට ක්‍රීඩා කර ඇති ලක්මාල් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 168 කි.

කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.28 ක් රඳවා ගැනීමට සමත්ව සිටින ලක්මාල් කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 4 ක් සිය ටෙස්ට් තරග දිවියේ සටහන් කර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි.

එක්දින තරග 86 කට සහ පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 කට ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් පිළිවෙළින් කඩුලු 109 ක් සහ 8 ක් වශයෙන් දවා ගැනීමට සමත්ව සිටී.

පිතිකරණයෙන් ද දක්ෂතා දැක්වීමට සමත්වූ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා ටෙස්ට් අංශයෙන් ලකුණු 928 ක් සහ එක්දින තරග අංශයෙන් ලකුණු 244 ක් ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here