Tuesday, May 21, 2024

හමුදාපති වුනාට ඔහුට වෛරස ගැන පුහුණුවක් නැහැ – මහාචාර්ය විතාරණ

යුධ හමුදාපතිවරයා වූනාට ශවේන්ද්‍ර සිල්වා මහතාට වෛරසවේදය ගැන පුහුණුවක් නැති බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දෙනවා.

වෛරසවේදය පිළිබඳව පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ඇති මහාචාර්යවරයෙකු වන තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ පළමු වටයේදී හමුදාපතිවරයා යටතේ ඇති යුද හමුදාව හොඳට වැඩ කළ මුත් ඔවුන්ට වෛද්‍ය විද්‍යාව පිලිබද පසුබිමක් නැති බවයි.

වසංගත මර්දනයට අවබෝධය අවශ්‍යයි

හමුදාවට හොඳ විනයක් තිබෙන බැවින් දෙයක් කරන්න අවශ්‍ය වූ විට ඒ හොඳින් කරන බව පෙන්වා දෙන මහාචාර්යවරයා වසංගත මර්දනයේදී විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් අවබෝධයක්ද තිබිය යුතු බවයි සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් දැනුම ඇති පාර්ශව රැසක් රටේ සිටින බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේ කොවිඩ් මර්දන බලකාය හමුදාපතිවරයා යටතේ තිබීම සම්බන්ධයෙන් ජාතික සති අන්ත පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

කලින් එල්ලවූ චෝදනා

යුද හමුදාපතිවරයා යටතේ ඇති කොවිඩ් කාර්ය සාධන බලකාය අසාර්ථක බවට මතයක් ද රට තුළ ගොඩනැගී තිබෙන අතර එසේම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් පාර්ලිමේන්තුවේදී දෙවතාවක්ම ප්‍රකාශ කළා.

කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යෑමට මෙන්ම එය ව්‍යාප්ත වීමට හේතුව යුද හමුදාපතිවරයා යටතේ ඇති වසංගතය පිළිබඳ අවබෝධයක් නැති කාර්ය සාධන බලකාය බවටයි වික්‍රමසිංහ මහතා චෝදනා කළේ.

එනිසා එම බලකාය වහාම විසුරුවා හරින ලෙසද වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කරනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles