Monday, May 20, 2024

හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නවා – අධ්‍යාපන ඇමති

සෞඛ්‍ය නීති වලට යටත්ව හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා පවසයි.

එය රටේ දරුවන්ගේ අවශ්‍යතාවක් බවත් ඊට අවශ්‍ය පියවරයන් පවතින බවත් ඒ ඔස්සේ හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

ඊට පළමු පියවර ලෙස ගුරුවරුන් හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත එන්නත්කරණය කඩිනමින් සිදු කළ යුතු බවත් දැනටමත් 80%කට පමණ පාසල් ප්‍රජාව තුළ එන්නත්කරණය සිදු කර ඇති බවත් ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles