හොකී නිලවරණයේ ප්‍රතිඵල

0
282

කොළඹ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදී ඊයේ (02) පවත්වන ලද ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය නිලවරණය ඒක පාර්ශ්වීය ස්වරූපයකට පරිවර්තනය වී තිබුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්ප කුමාර මහතා නිතරඟයෙන්ම සභාපති ධුරයට පත් වී තිබෙනවා.

නිතරගයෙන්ම පත් වුණද ඊයේ (02) පැවති නිලවරණයේදී කමල් පුෂ්පකුමාර මහතාට නියෝජිතයන් 31 දෙනකුගේ කැමැත්ත ප‍්‍රකාශ කර තිබුණා.

2021 -2022 ශ‍්‍රී ලංකා හොකී සම්මේලනයේ නව නිල මඬුල්ල පහතින්,

සභාපති : කමල් පුෂ්පකුමාර මහතා

සම උප සභාපතිවරුන් : දර්ශන එස්. විජේසිංහ මහතා, රාසයියා මහේෂ්වරන් මහතා, ඩබ්ලිව්. මර්වින් පී. ප‍්‍රනාන්දු මහතා සහ ජී. ඩී. මදියලගන් මහතා

ලේකම් : පෙරුමාල් විශ්වනාදන් මහතා

උප ලේකම් : බී. එම්. ඞී. ටී. බී. බස්නායක මහතා

භාණ්ඩාගාරික : කුලරත්නම් ජෙයරත්නම් මහතා

උප භාණ්ඩාගාරික : ජී. එස්. කපුකොටුව මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here