Friday, May 17, 2024

හෝටල් හිමියෝ සහනයක් පතා ජනපතිට ලියති

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රජයේ වාණිජ බැංකු වලින් ලබාදුන් ණය මුදල් නැවත ගෙවීමේදී ඒ සඳහා අය කරනු ලබන පොලී මුදල සඳහා සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති සංචාරක කර්මාණ්තය යලි ක්‍රියාත්මක කිරීමට රජය විවිධ යෝජනා මේ දින වල ගෙන එමින් පවත්නා අවස්ථාවක මෙම යෝජනාව රජයට කරන බව ඔවුහු ඉල්ලා සිටියහ. සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් හිමියන්ගේ හමුවකදී මෙම තොරතුරු හෙළි විය.
මෙවැනි සහනයක් ලබාදුනහොත් අඩපණවී ඇති සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට විශාල ශක්තියක් වන බවද හෝටල් හිමියෝ කීහ.
උතුරු යුරෝපයේ පදිංචි ධනවත් අයට ශීත සෘතුවේදී දකුණු යුරෝපයේ පෞද්ගලික නිවාස ඇති බවත් එම ශීත සෘතුවේදී ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් රජයට විශාල විදේශ විනිමයක් ලබාගැනීමට හැකි බවත් ඔව්හු පෙන්වා දෙති
දැනට බැංකුවලින් සැප්තැම්බර් මස දක්වා නවතා තිබෙන ණය මුදල් වල පොලිය අය කිරීමේදී ඒ සඳහා සහනයක් ලබා දෙන්නේ නම් එම මුදල් වලින් තම ආයතනවල ඇණහිට ඇති නඩත්තු කටයුතු කිරීමට හැකි බවද හෝටල් හිමියෝ කියති.
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු, පලාත් පාලන ආයතනවලට ගෙවන බදු, මුදල් සංචාරක මණ්ඩලයට ගෙවන සංචාරක බද්ද නැවත සාමාන්‍ය තත්වයට පත්වීමෙන් පසුව ගෙවීම් කරන තුරු නවතා දැමීමට කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles