Saturday, January 25, 2025

ළහිරු කුමාරට සහ ලිටන් දාස් ට ICC යෙන් දඩ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගයේදී වචන හුවමාරුවකට මැදිවූ ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට සහ බංග්ලාදේශ පිතිකරු ලිටන් දාස්ට දඩ නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළහිරු කුමාරට තරග මුදලෙන් සියයට 25 ක්ද – ලිටන් දාස් ට තරග මුදලෙන් සියයට 15 ක් ද වන පරිදි දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඔවුන් දෙදෙනාටම අකුසලතා ලකුණක් බැගින් ද පනවා තිබෙනවා.

ICC නීති සංග්‍රහයේ පළමු මට්ටමේ කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් දෙදෙනාට දඩ නියම කළා.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලහිරු කුමාර වැරදිකරු වී ඇති අතර, එය “භාෂාව, ක්‍රියා හෝ අභිනයන් භාවිතා කිරීම අපහාසයට ලක් කිරීම හෝ ක්‍රීඩකයෙකු ගේ දැවී යාමේදී පිතිකරුවෙකුගෙන් ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි.

“ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි හැසිරීම්” වලට අදාළ ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේ සහායකයින් සඳහා වූ අයිසීසී ආචාර ධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලිටන් දාස් වරදකරු වුණා

බංග්ලාදේශය පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ලිටන් දාස් ගේ දැවී යාමත් සමගයි ක්‍රීඩකයන් දෙදෙනා අතර මතභේදයක් ඇති වුණා.

බංග්ලාදේශ ඉනිමේ පස්වැනි පන්දු ඕවරයේදී පිතිකරු ලිටන් කුමාර් දාස් දැවී යාමෙන් පසු මෙම සිදුවීම ඇතිවූ අතර එහිදී ළහිරු කුමාර ඇවිදයන ක්‍රීඩක ලිටන් දාස් වෙත පැමිණ ඔහුට බැනවදින ආකාරයක් දක්නට ලැබුණා.

මෙම තරගයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඬුවම පැනවූ අතර, කුමාර සහ දාස් දෙදෙනාම වරද පිළිගත් නිසා සිද්ධිය සමතයකට පත් කෙරුණා.

මෙවැනි මට්ටමේ ආචාර ධර්ම කඩකිරීමක් සඳහා නිල තරවටු කිරීමක අවම දඬුවමක්, ක්‍රීඩකයෙකුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් සහ අවාසි ලකුණු එකක් හෝ දෙකක් අඩු කිරීම ද ඇතුළත් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles