Friday, May 3, 2024

පස්වරු 2.30 න් පසු A/C ත් නවතී. රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට තීරණයක් !

රජයේ සියලුම ආයතනවල ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එයට අනුව රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින ඩොලර් හිඟය හමුවේ මෙම පියවර ගෙන ඇති බව වාර්තා විය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එය නිකුත් කර ඇති අතර රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි එහි දැක්වෙන්නේ.

රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්ම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.එම චක්‍රලේඛයට අනුව පස්වරු 02.30 වන විට රජයේ ආයතනවල වායු සමීකරණ ක්‍රියා විරහිත කළ යුතු බව අමාත්‍යාංශය පවසයි.

හැකි සෑම විටම සාකච්ඡා හා රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් එම උපදෙස් වලට ඇතුළත්.

රැස්වීම් සහ සාකච්ඡා වාහන තදබදය අඩු වේලාවලදී සංවිධානය කරන ලෙසත් තැපැල් රැගෙන ඒම, ලිපි බෙදාහැරීම් ආදී කටයුතු සඳහා කාර්, වෑන් වෙනුවට යතුරුපැදි, පා පැදි හා ත්‍රීරෝද රථ ආදීය යොදවන ලෙසත් උපදෙස්වල ඇතුළත්.

ඒ අතර සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා තෝරාගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යමින් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් හා පොලිසිය අධීක්ෂණය යටතේ ඒවා ලබාදෙන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

විදුලි සෝපාන භාවිතය අඩු කර හැම හැකි සෑම විටම පියගැටපෙළ පාවිච්චි කරමින් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පළාත් පාලන ආයතන මගින් පාලනය වල වීදි ලාම්පු අනවශ්‍ය අවස්ථාවලදී නිවා දමන ලෙසත්, ආධි ආරක්ෂිත සහ ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග වල හැර අනෙකුත් සියලුම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දමන ලෙසත් එම උපදෙස් වලින් දැනුම් දී තිබෙනවා.

අතිරේක ඉන්ධන ගෙවීම් ද නවතා ඇති බව එහි  දැක්වෙන අතර රැස්වීම් සහ වෙනත් කටයුතු සඳහා පිට පළාත් නිලධාරීන් කොළඹට කැඳවීම සීමා කිරීමට ද චක්‍රලේඛයෙන් උපදෙස් නිකුත් කර ඇත.
සම්පූර්ණ චක්‍රලේඛය පහතින්,

මෙි අතර පාර්ලිමේන්තුව තුළ විදුලිය පරිහරණය සීමා කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එහි දී කථානායකවරයා, මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කිරීම සදහා සහාය ලබාදෙන ලෙසයි.

මේ අතර, පවතින ඩොලර් අර්බුදය හමුවේ රජයේ සියලු ම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය සීමා කිරීමට තීරණයට කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles