Monday, September 23, 2024

2021 ලෝක කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය හෙට සිට ඇරඹේ

ලෝක කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය හෙට (17 වැනිදා) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.

තරගාවලියට අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ කරමින් ඕමානය සහ පැපුවානිව්ගිනියාව ‘බී’ කාණ්ඩයෙන් ක‍්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය හෙට (17 වැනිදා) ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතය.

අදාළ ‘බී’ කාණ්ඩයට බංග්ලාදේශය, පැපුවානිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ ඕමානය ඇතුළත් වන අතරවාරයේදී ‘ඒ’ කාණ්ඩයට අයර්ලන්තය, නැම්බියාව, ශ‍්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඇතුළත්ව සිටී.

2018 වසරේ දෙසැම්බර් 31 වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි මුල් කණ්ඩායම් 08 අතර ස්ථානයක් දිනා ගැනීමට නොහැකි වීමෙන් ශ‍්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට මෙම සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වීමට සිදුව තිබේ. සත්කාරකත්වය දරන රටද ඇතුළුව එම මුල් කණ්ඩායම් 08 අතර ස්ථානයක් දිනාගත් කණ්ඩායම් සඳහා එක එල්ලයේ ලෝක කුසලාන ප‍්‍රධාන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව සැලසිණි.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙකකට ලබන 23 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ප‍්‍රධාන තරගාවලියට එක් වීමේ අවස්ථාව උදා වේ.

මීට පෙර අදාළ තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට යෙදී තිබුණත්, උද්ගත වෛරස තත්ත්වය හමුවේ ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වීම හමුවේ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යොමු කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles