Monday, September 23, 2024

2022 T20 ක්‍රිකට් ලෝක ශූරතාවලියේ කාලසටහන එළිදැක්වෙයි

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරණ අතර සුපිරි 12ට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඒ යටතේ තරග වැදීමට නියමිතයි.


එම තරගය ඔක්තෝම්බර් 16 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන අතර ඉන් කණ්ඩායම් දෙකක් සුපිරි 12 වටයට සුදුසුකම් ලබනවා.


සුපිරි 12 වටයේ තරග ඔක්තෝම්බර් 22 වනදා සිට ආරම්භවන අතර එම වටයේ තරග අවසන් වන්නේ නොවැම්බර් 06 වනදායි.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 09 වනදා සහ දෙවන අවසන් පූර්ව තරගය 10වනදා පැවැත්වීමට නියමිතයි.

ඉන් තේරී පත්වෙන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන 2022 පන්දුවාර විස්ස තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 13 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles