Sunday, May 19, 2024

අපි දියුණු රටවල් අභිබවා ඉදිරියට ඇවිල්ලා තියෙනවා, ඒක නිසා ලබන වසරේ අපේ රටට හොඳ කාලයක් උදා වෙනවා – ඇමති මහින්දානන්ද

අවුරුදු පහක් තිස්සේ ගම්බද අහිංසක ජනතාවට පිං පඩියක්වත් හදා දෙන්න බැරි වු අය ජනතාව ගැන කිඹුල් කඳුළු හලමින් ආණ්ඩු බලය අල්ලන්න හීන දකින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෙසේ වුවද 2022 වර්ෂය මෙරට ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක වනු ඇති බවද අමාත්‍යවරයා කීවේය.
නාවලපිටිය පිහිටි අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපේ ආණ්ඩුව බලයට පත් වෙලා අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් වුණේ මාස හතරයි. මුළු ලෝකයම බිල්ලට ගත්ත කොරෝනා රෝගය අපේ රටත් බිල්ලට ගත්තා. නමුත් රටේ ජනතාවට මැරෙන්න නොදී රජය අනෙක් වැඩ සියල්ලට පෙර ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය එන්නත්කරණය පටන් ගත්තා. දැන් අපි ඒකෙන් ලෝකයේ දියුණු රටවල් අභිබවා ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා ලබන වසරේ නැවතත් අපේ රටට හොඳ කාලයක් උදා වෙනවා. විපක්ෂයත් විශේෂයෙන් ජවිපෙත් මේකට බයේ කොල්ලෝ කෙල්ලෝ දාලා සමාජ මාධ්‍ය හරහා නොයෙක් මතවාද සමාජගත කරන්න හදනවා. මේවාට රැවටෙන්න එපා. විශේෂයෙන් අපේ ප්‍රාදේශීය සභාවල නගර සභාවල මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂ කියන ඒවා අහල විපක්ෂය තැන තැන කරන දේවල් දැකලා ආණ්ඩුව ගැන කල කිරෙන්න එපා. ඒ අයට ඕනේ තමුන්නාන්සේලා මානසිකව වට්ටලා රට අරාජික කරන්නයි. මේ වසරේ විශාල මුදලක් ගමේ සංවර්ධනයට ලැබිලා තියෙනවා. ගමේ ජනතාව සමඟ ඒ මුදල් යොදා ගෙන නැවත ගම හදන්න සුදානම් වෙන්න. ගමට ගිහින් ජනතාව හමු වෙලා ඔවුන්ට කතා කරලා අලුතින් ආයේ ගමන යන්න පටන් ගන්න”යැයිද අමාත්‍යවරයා කීවේය.


පොහොර ප්‍රශ්නය අල්ලාගෙන තමන්ට මාධ්‍ය හරහා නොයෙක් ආකාරයෙන් අපහාස උපහාස කළ බවත්, ඒවාගෙන් පන්නරයක් ලබා ගත්තා මිස මානසිකව තමන් කඩා නොවැටී රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් අමාත්‍යවරයා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles