Friday, May 3, 2024

40 ක් සෙලවෙයි ? ආණ්ඩුවේ 2/3 බිදෙයි..? 112 ත් විශ්වාස නැති තැනක…?

තම අදහස්වලට ඇහුම්කන් නොදීම හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් ම දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙයි. විසිවන සංශෝධනය පටන් යුගදනවි බලාගාර ප‍්‍රශ්නය දක්වාම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය කටයුතු කළ ආකාරය පිළිබඳව සෙසු පක්ෂ දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම තත්ත්වය මත ඉදිරියේදී ඔවුන් දේශපාලන වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටිති.


දැනට වාර්තා වන ආකාරයට මෙම පිරිස 40 කට ආසන්න වන අතර නිශ්චිත මොහොතකදී ආණ්ඩුවෙ 2/3 බලය අහිමි වීම අනිවාර්ය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.


එමෙන්ම ඇත ජනපදවල ජනතාවට බලපා ඇති පොහොර ගැටළුව ඇතුළු ආර්ථික ප‍්‍රශ්න තම මැතිවරණ කොටඨාශ වෙත යා ගත නොහැකිව කොළඹ නිල නිවාසවල කල් ගත කරන පිරිස්ද එම අර්බුදයෙන් පිටවීමේ මගක් ලෙස මෙම අවස්ථාව භාවිත කිරීමේ වැඩි ඉඩක්ද නිර්මාන්‍ය වී තිබේ.
එම තත්වයද උද්ගත වුවහොත් ආණ්ඩුවේ 112 සරල බහුතරයද පවත්වා ගැනීමේ බරපතල ප‍්‍රශ්නයක් වර්ධනය වෙමින් පවතින්නේ යයිද එම ආරංචි මාර්ග පැවසීය.


කෙසේ වෙතත් ඉදිරි අයවැය හෝ ආසන්න අවස්ථාවක මෙම දේශපාලන අර්බුදය නිර්මාණය නොවනු ඇති බවත් බොහෝ දුරට බිම් මට්ටමේ ගොවි සටන් උපරිම ඇවිලෙනු ඇතැයි අපේෂා කල හැකි මහ කන්නයේ අවසන් යාමයේදී සිදු වීමේ වැඩි ඉඩක් ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.
වර්ධනය වෙමින් ඇති මෙම තත්වය දෙස සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම නායකයන්ගේ අවධානය ද දැඩිව යොමුවී ඇති බව ද දැනගන්නට තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles