ගෑස් ගොඩබෑම පස්වරුවේ ඇරඹේ. දිවයින පුරා බෙදා හැරිම් හෙට (18) සිට

0
771

මෙරටට පැමිණ නියමිත මුදල නොගෙවීම නිසා නවතා තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු ගෑස් නැවක් ගොඩබෑම අරඹා තිබෙනවා.

ගෑස් සදහා අවශ්‍ය වන ඩොලර් නිදහස් නොකිරීම නිසා ඇතිව තිබූ ගෑස් හිගය හමුවේ, සිය නිෂ්පාදන කටයුතු අත් හිටුවීමට ගෑස් සමාගම් ඊයේ තීරණය කළ පසුබිමක මෙලෙස අවශ්‍ය මුදල් නිදහස් කෙරුණා.

මෙරටට පැමිණි LP ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු අද (17) සවස සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු හෙට (18) දිනයේදී නැවත ආරම්භ කෙරෙන බවද එම සමාගම පවසයි.

ගෑස් සමාගම් විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ඊයේ (16) නිවේදනය කර තිබුණි.

එහිදී එම සමාගම් සඳහන් කළේ ප්‍රමාණවත් ගෑස් තොග නොලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවය.

කෙසේවෙතත් හෙට සිට නැවත ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට ලිට්‍රෝ සමාගම සූදානමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here