Monday, January 13, 2025

5 වැනි වරටත් යොවුන් ලෝක ක්‍රිකට් ශූරතාවය ඉන්දියාව සතු කර ගනී

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද (6) අලුයම සමත් විය.

ඒ, එංගලන්ත කණ්ඩායම පරාජය කරමිනි.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

මෙහිදි එංගලන්තය වෙනුවෙන් ජේමිස් රෙව් පන්දු 116කදී ලකුණු 95ක් රැස්කළේය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාජ් බවා ලකුණු 31කට කඩුලු පහක් හා රවී කුමාර් ලකුණු 34ට කඩුලු 4ක් දවා ගත්හ.

ලකුණු 190ක ඉලක්කයක් ඇතිව පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක කුසලානය හිමිකර ගත්තේය. 

තරගයේ වීරයා සම්මානය ඉන්දියානු කණ්ඩායමේ රාජ් බාවා ට හිමිවිය.

එංගලන්ත 19න් පහළ කණ්ඩායම ටොම් පර්ස්ට් විසින් මෙහෙය වු අතර යෂ් දුල් ඉන්දීය 19න් පහළ කණ්ඩායම මෙහෙයවීය

ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles