ගිනිස් වාර්තා කීපයකට හිමිකම් කියන අනුරාධපුර පැනෝරා සමාජ ශාලාවේ හිමිකරු “කරාටේ වසන්ත“ හෙවත් වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ “SF ලොකූ“ හෙවත් හිටපු විශේෂ බලකායේ සෙබලෙක් වන ඉරෝන් රණසිංහ,ඔහුගේ සොයුරා ඇතුළු 35 දෙනෙක්ට මිනීමැරුම් චෝදනා ගොනු කිරීමට අනුරාධපුර පොලීසිය කටයුතු කර ඇත.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රාකාරව මෙසේ මිනි මැරුම් චෝදනා ගොනුකර අනුරාධපුර ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දන්වා ඇත. එසේම මෙම ඝාතනයට උපයෝගීකරගත් ආයුධ සහ පොලු 61 ක් සහ මුහුණු වසාගැනීමට භාවිතාකල දෑ රස පරික්ෂක වෙත සහ පේරාදෙණිය ජාතික උද්හිත උද්‍යානයේ අධ්යක්ෂවරයා වෙත වැඩිදුරර පරීක්ෂාව සඳහා යොමුකර ඇත. ඒ අනුව බොහෝවිට මෙම සැකකරුවන්ට එරෙහිව සාක්ෂි තවත් ප්රබලවිය හැක.
මෙම ඝාතනයට SF ලොකූ හෙවත් ඉරෝන් සම්බන්ධ බවට මුලින්ම හෙළිකරනු ලැබුවේ CIA වෙබ් අඩවියෙන්ය. එයට හේතුවූයේත් ඉරෝන් විසින්තම තම ෆේස්බුක් ගිණුමේ පලකර තිබූ ඡායාරූපයකි. එසේම ඒ දිනවල හෙළිකර සිටියේ ඉරෝන්ට මෙම අපරාධය සඳහා දේශපාලන රැකවරණ ලබාදෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ සන්ධානයේ දේශපාලන නායකයෙක් වන තිස්ස කරලියද්ද බවයි. ඝාතනයට පෙර දින තිස්ස කරලියද්දගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවති බව ඉරෝන් විසින්ම හෙළිකර තිබුණේ කරලියද්ද සමග කරට අතදමා සිටින ඡායාරූපද අන්තර්ජාලයට එක්කිරීමෙන්ය.
කෙසේ වෙතත් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඉරෝන් ඇතුළු පිරිසට මිනිමැරුම් චෝදනා එල්ලකර තිබුණත් තිස්ස කරලියද්ද හෝ දේශපාලන රැකවරණ සැපයූ කිසිවෙක්ට එරෙහිව මේ වනතෙක් කිසිඳු පියවරක් ගෙන නැත. දැනගන්න ලැබෙන ආකාරයට කරලියද්දගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පමණක් සිදුකර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන් 14 දෙනෙක්ම අනුරාධපුර කාර්මික පෙදෙසේ ජීවත්වෙන පුද්ගලයන්ය. මේ සියළුම දෙනා වයස අවුරුදු 20 සහ 30 අතර තරුණයන්වීම විශේෂ සිදුවීමකි.
අනෙකුත් අපරාධ සහ දූෂණ වලදී ක්රිියාත්මකවූ පරිද්දෙන්ම චූදිතයන් මෙන්ම ඔවුන්ට සහය සහ දේශපාලන රැකවරණ සැපයූ අයට එරෙහිවද නීතිය ක්‍රියාත්මක නොවේනම් යහපාලනයෙන්ද පලක් නැතිබව කිව යුතුය.