Friday, May 17, 2024

HNDA සිසුන්ට පහරදීමට වැරදිකරුවෝ පොලිස් නිලධාරීන්??

ජාතික පොලිස් කොමිසම විසින් ත්‍රිපුද්ගල කමිටුවක් හරහා විමර්ශණය කරනු ලැබූ ඔක්තොම්බර් 29 උසස් ගණකාධිකරණ තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට එල්ල කල අමානුෂික පොලිස් ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව නිකුත් කර ඇත.

පිටු 57 කින් සමන්විත මෙම වාර්තාව පසුගිය 19 වෙනිදා පොලිස් කොමිසමට භාරදී ඇති අතර එය පරික්ෂාකර බැලීීමෙන් පසුව කොමිසම පොලිස්පතිවරයාට නියෝගකර ඇත්තේ අදාල අමානුෂික පහරදීමට සම්බන්ධ පහල පොලිස් නිලධාරීන්ට (සෘජුවම පහරදීමට සම්බන්ධ) එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසටයි.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් එන්.ආරියදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ පහල පොලිස් නිලධාරීන් මෙන්ම ඉහල නිල දරණ යම්කිසි නිලධාරියෙක් මෙම පහරදීමට හවුල්ද යන්න සොයාබලා නිසි පියවර ගන්නා ලෙසට පොලිස්පත් එන්.කේ.ඉලංගකෝන් මහතාට දැනුම් දුන් බවයි.

CIA මතය

මෙම සිදුවීමත් රූකාන්ත – චන්ද්‍රලේකා යුවලට පහරදීමේ සිදුවීමේ ප්‍රතිඵලවලට සර්ව සමානය. අණ ලැබුණු තැන්වලට කිසිඳු බලපෑමක් නොවී අණ ක්‍රියාත්මකකල සොක්කන්ට දඬුවම් ලැබීම සිදුව ඇත. එසේම පහල පොලිස් නිලධාරීන් තමන්ට ලැබුණු අණටත් ඉහලින් අමානුෂික පහරදීම කලබවට සාක්ෂි ඇති නිසා මෙම නියෝගයේ එතරම් වරදකුත් පෙනෙන්නට නැත.

නමුත් ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණ අපරාධ සේ සලකා නියෝග නිකුත් කරන ඉහල බලධාරීන්ට දශමයක අවවාදයක් හෝ නැති නිර්දේශ නිකුත් කිරීම තුලින් පොලිස් කොමිසම බලාපොරොත්තුවන සාධාරණය ඉටුකල හැකිවේයයි ගැටළුවකි.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles