කොටකෙතන ඝාතන 6කට එකම පුද්ගලයෙක් කොටුවෙන හැඩ..

0
1144

රත්නපුර,කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතනයන් 6ක්ම සිදුකර ඇත්තේ එකම පුද්ගලයෙකු විසින් බව අපරාධ පරීක්ෂණ අංශ විසින් මේ වනවිට හඳුනාගෙන ඇත.

කොටකෙතන ඝාතනවලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගනුලැබූ 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ඩී.එන්.ඒ සම්පල් අදාල ඝාතන 6 ට අදාල ඩී.එන්.ඒ අනු සමග ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා ඇත.

කොළඹ GENETEC ආයතනය විසින් කොටකෙතන සිදුවූ ඝාතනයන් 6කට අදාලව එම මෘත ශරීරයන් සහ ඝාතනය සිදුවූ ස්ථානයේ පැවති ද්‍රව්‍යවලින් සොයාගන්නා ඩී.එන්.ඒ සාම්පල් සහ අත්අඩංගුවට ගත් සැකකරුගේ ඩී.එන්.ඒ සම්පල් සමාන බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ලක්මාල් පෙරේරා මහතා විසින් අදාල සැකකරු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිිත බන්ධනාගාරගත කිරීමට නියෝගකරනු ලැබීය.

කොටකෙතන සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට අදාලව පරීක්ෂණ කටයුතු ඉතාමත් සූක්ෂමව සිදුවෙමින් පවතින අතර එම ප්‍රදේශයට යොදා ඇති ආරක්ෂාව තවමත් අඩුකර නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here