Sunday, May 19, 2024

දිවිනැගුම සල්ලි ඡන්දෙට ගත්තාට බැසිල්ට නඩු..!

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය ලබාදීමට ජනතාව පෙළඹවීම සඳහා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අසූහතර ලක්‍ෂයක්‌ (රු. 29,400,000/-) වැයකර ලිත් පනස්‌ ලක්‍ෂයක්‌ මුද්‍රණය කිරීමේ සිද්ධියට එරෙහිව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් නිකුත් කොට ඇති 2015 ජනාධිපතිවරණ චක්‍රලේඛයට පටහැනිව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් දිවිනැඟුම ලිත් පනස්‌ ලක්‍ෂයක්‌ 2014.11.23 සහ 2014.12.31 කාලය අතරතුරදී මුද්‍රණය කිරීම, බෙදාහැරීම, එම වරද සිදුකිරීමට අනුබලදීම හා එකඟවීම ඇතුළු අධි චෝදනා පහක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා ඇත. එම නඩුවේ පළමු වැනි විත්තිකරු ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා නම් කර ඇති අතර කිත්සිරි රණවක මහතා දෙවැනි විත්තිකරු ලෙස නම් කොට ඇත.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ 79(අ) වගන්තිය මගින් විස්‌තර කර ඇති අල්ලස පිළිබඳ වරද සිදුකිරීම සඳහා අනුබලදීම, එකඟවීම හා ඒ සඳහා පොදු අරමුණක්‌ ඇතිව එක්‌ව ක්‍රියා කිරීමටත් දණ්‌ඩ නීති සංග්‍රහයේ අංක 11 3(ආ) 102 යටතේ කියෑවෙන වරදවල් සිදුකළේ යෑයි විත්තිකරුවන් දෙදෙනාටම නීතිපතිවරයා එමගින් චෝදනා නඟා ඇත.

එයට අමතරව එම ලිත් මුද්‍රණය කර බෙදා හැරීම හා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල් ඒ සඳහා භාවිත කිරීමේ අධිචෝදනා දෙකද දෙවැනි විත්තිකාර කිත්සිරි රණවක මහතාට එල්ලවී තිබුණි. පෙර කී පළමු අධිචෝදනාවට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට ඒවා සඳහා අනුබලදීම ඇතුළු චෝදනා දෙකක්‌ වෙන් වෙන්ව ගොනුකර තිබුණි.

(දිවයින)

CIA මතය

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මහජන  මුදල් අයථා භාවිතයන් පිළිබඳ සාක්ෂි එළිපිට දක්නට තිබූ අතරම ඒවාට එරෙහිව පියවර ගන්නා ලෙස මෙම රජය පත්වූ මුල්ම වකවානුවේ සිට ජනතා  ඉල්ලීම විය. නමුත් රජයේ ස්ථාවරත්වය සකසාගනු වස් විපක්ෂයේ මන්ත්‍රීවරු බිලීබාගැනීමේ කාර්යභාරය ඇතුලුව වංචාකරුවන් ආරක්ෂාකිරීම වැනි පියවරයන්ට වත්මන් රජයත් පෙළඹීම තුලින් ජනතා අභිලාශයන් ඉටුනොවන අයුරු පෙනෙන්නට විය.

දිවි නැගුම හරහා උතුරු වසන්තය,ගැමිදිරිය වැනි ව්‍යාපෘති සිදුකෙරුණ අතර එවැනි ව්‍යාපෘතිවල මුදල්ද මෙලෙස අවභාවිතයන්ට හවුල් වන්නට ඇත. කෙසේ වෙතත් මෙවැනි දූෂණයන්ට එරෙහිව වහාම ක්‍රියාත්මකවිය යුතු තත්ත්වයක් උදාවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles