Tuesday, May 7, 2024

පෞද්ගලිකත්වයත් වෙන්දේසිකරන අලුත් ඩිජිටල් හැඳුනුම්පත

වසර 2016 අයවැය යෝජනාවට අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) යටතේ විශේෂ අරමුණු සඳහා වන සමාගමක් (Special Purpose Company) පිහිටුවීමට ඇති යෝජනාව හේතුවෙන් විද්‍යුත් හැඳුනුම්පත් සැකසීමට පුද්ගලයන්ගෙන් ලබා ගන්නා දත්ත වෙනත් සමාගමක් වෙත යොමු වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.


මේ සමාගම පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ”පරිසරය හා ගුවන් තරංග ආරක්ෂා කිරීමට හා විදුලි සංදේශ සම්පත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීම” සඳහාය.


වසර 1968 අංක 32 දරන පනතට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීම හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ බලතල පැවරී ඇත්තේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටය.


යෝජිත මේ නව සමාගම පිහිටුවා පුද්ගල දත්ත ඒ වෙත ලබා ගැනීමට කටයුතු කළහොත් ඉන් පෞද්ගලිකත්වය නැති වීමේ අවදානමක් ද ඇතැයි වාර්තා වේ.


මෙම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට සුදුසුකම් ඇති සෑම පුද්ගලයකුටම විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී ඒ සඳහා තොරතුරු එක්රැස් කිරීම, ජීව දත්ත, ජීවමිතික තොරතුරු හා ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ඡුායාරූපයක් යන අංශ තුනක තොරතුරු මුල් කරගනිමින් සිදු කරනු ලබයි.


කෙසේ වුව ද මෙසේ එක්රැස් කරගන්නා දත්ත පරිගණක ගත කිරීමේ කාර්යය පැවරී ඇත්තේ (NADRA – National Database and Registration Authority) පාකිස්තාන සමාගමටය.


එය පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ටෙන්ඩරයක් මඟින් ඔවුන් විසින් හිමිකර ගත්තේය.


එසේ පිටස්තර රටක සමාගමකට මෙරට පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ තොරතුරු සියල්ල ලබා දීම ඉතා භයානක බව සමාජ ක‍්‍රියාධරයන්ගේ මතය වී ඇත.


මේ අතර  Overseas governments security printers නම්  මෝල්ටාවේ සමාගමක දේශීය නියෝජිතයන් මඟින් ඉදිරිපත් කර තිබුණු තවත් ව්‍යාපෘති වාර්තාවකට අනුව ඔවුන්  හඳුන්වා දීමට නියමිත හැඳුනුම්පත් විශේෂය අනුව හැඳුනුම්පත් හිමිකරුගේ අංශ වැඩි ප‍්‍රමාණයක තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව තිබේ.


පින්තූරය, නම, ගම, ජාතිකත්වය, පවුලේ තොරතුරු, විදේශ ගමන් බලපත‍්‍රයේ තොරතුරු, සෞඛ්‍ය තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු, දුරකථන අංක, බදු ගෙවීම් ආදී තොරතුරු රාශියක් එමඟින් අනාවරණය වන ලෙස ඉදිරිපත් කර තිබූ අතර එම ව්‍යාපෘතිය ද අමෙරිකානු ආධාර යටතේ නොමිලයේ ලංකාවට ලබා දීමට සැලසුම් කර තිබිණි.


(දයා නෙත්තසිංහ )

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles