Monday, May 13, 2024

ලංකාවේ ලොකුම ට්‍රිප් එක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්..!

රුපියල් ලක්ෂ 35ක මුදලක් වැයකරමින් 101 දෙනෙක් පමණක් සහභාගීකරවාගෙන ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම වියදමක් දැරූ සහ විශාලම විනෝද චාරිකාව සංවිධානය කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යංශ,දෙපාර්තමේන්තු,අධිකාරී සහ විදේශ අරමුදල ලබන රාජ්‍ය ව්‍යාපෘති සඳහා පසුගිය 2015.09.25 දින නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ පසුගිය රජය සමයේ මෙම ආයතනවල මුදල් භාවිතා කරමින් වැඩසටහන්,චාරිකා සංවිධානය නිසා සිදුකල මුදල් නාස්තිය මෙම රජය තුලින් නතර කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා එවැනි වැඩසටහන් සඳහා හැකිතාක් පිරිවැය අවම කිරීම සහ රාජ්‍ය ආයතනවල පහසුකම් යටතේ පමණක් පැවැත්වීමට කටයුතු කරන ලෙසය. ඒ සඳහා උපදෙස්ද ජනාධිපති ලේකම්වරයා විසින් පහත ලිපිය මගින් ලබාදී ඇත.01

එසේ තිබියදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම මස අගදී සංවිධානය කිරීමට සූදානම්වන වාර්ෂික විනෝද චාරිකාව සඳහා 101 දෙනෙක්ට රුපියල් ලක්ෂ 35ක මුදලක් වෙන්කිරීමට සූදානම් වන්නේ කුමන පදනමකින්ද යන්න ගැටළුවකි. විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝගය දැන දැනම මෙවැනි චාරිකාවකට මෙතරම් විශාල මුදලක් වැය කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න කල යුතුය.

එපමණක්ම නොව අධිකාරියේ මුදල් වලට පරිබාහිරව රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගෙන්ද මුදල් එකතු කර ඇති අතර, සහභාගීවන පිරිසට අහාර සහ පහසුකම් ලබාදීමට පොළොන්නරුව අරලිය හෝටලය සහ ත්‍රිකුණාමලය අමායා හොටලයද සූදානමින් සිටින වාතාවරණයක කිසිසේත්ම ලක්ෂ 35ක් වැනි මුදලක් මෙම චාරිකාව සඳහා වැය නොවන බවද පැහැදිලිය.04

මෙම චාරිකාව සඳහා යොදාගැනීමට අපේක්ෂාකරන බස්රථ ලබාදෙන්නේද ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් විසින් බවත් වාර්තා වෙමින් පවතින බැවින් මෙය කොතරම් ඉහළ මුදල් නාස්තියක්ද යන්න අවබෝධකරගත හැකිය.

මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් පසුගිය රජයට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම්වන සමයක මෙවැනි වූ ක්‍රියාවන් යහපාලන රජය සමයේදී සිදුවීම බරපතල කාරණයක් බව සඳහන්කල යුතුය.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles