Monday, April 29, 2024

වයඹ නසන NICO ශාපය

බිංගිරිය පාතවැව විහාර මාවත, යන ලිපිනයේ පවත්වාගෙන යන නිකෝ බැටරි නිෂ්පාදන ආයතනය    (NICO Battery Manufcuring Ltd) විසින් එම නාමය යටතේ පවත්වාගෙන යන බැටරි වල ඊයම් උණුකිරීමේ කර්මාන්තය පාතවැව ගම් වැසියන්ට හා පරිසරයට උරුම කරදී ඇත්තේ මහජන පීඩාවන් සහ පාරිසරික ගැටළු පමණකි. නිකෝ කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ එනම් 1993 දී පමණ මෙය ආරම්භ කරනු ලබන්නේ බැටරි නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස මහජනයා මුලාවේ දැමීම සිදුකරමින්ය.

 

කර්මාන්ත ආයතනය ආරම්භයේදී රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට ලැබෙන දායකත්වය ප‍්‍රදේශයේ තරුණයන්ට රැකියා උත්පාදනය වැනි බොහෝ දෑ ප‍්‍රකාශ කිරීම ගම්මානය තුළ කර්මාන්ත ශාලාව ඉදි කිරීමට  ඇතිවිය හැකි ජනතා විරෝධයන් මැඩපැවැත්වීමට ගත් උත්සාහයක් ලෙස බව අද වන විට සක්සුදක් සේ පැහැදිලි වී ඇත.

 

අහිංසක ගම්වැසියන් මුලාවේ හෙලා ඔවුනගේ ජන ජීවිතය ගැටළු රැසකට ඇද දමා ඇති දේශපාලඥයින්ගේ, දූෂිත නිධාරීන්ගේ, සිවුරේ ගුණාත්මක බව නොදත් අමන භික්ෂූන්ගේ, මුදලට ආත්මය පාවාදුන් නොමිනිසුන්ගේ කර මතින් නිකෝ කර්මාන්ත ආයතනය අක්කර 7 ක භූමිභාගයක ඉදිවී ඇත.

 

මෙය බැටරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලෙස ආරම්භ කළද මේ වන විට බැටරි ඊයම් උණු කිරීමේ කර්මාන්තයක් ලෙස ක‍්‍රියාත්මක වීම නිසා පරිසරයට හා ඒ අවට ජීවත්වන මිනිසුන්ගේ සෞඛ්‍යට ඉතාමත් අවදානම්කාරී, හානිකර බලපෑම් එල්ල කර ඇත.

 

කර්මාන්ත ආයතනයක් ස්ථානගත කිරීමේ දී සැලකිය යුතු මූලිකම කරුණු නොතකා හරිමින් මෙම නිකෝ කර්මාන්ත ආයතනය පිහිටුවා ක‍්‍රියාත්මක කරමින් ඇත. එහි ප‍්‍රධානම කරුණු අතර මනුෂ්‍ය ජනාවාසයක මධ්‍යයේ මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත.

 

මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ථා අනුව මූලික පාරිසරික බලපෑම් ඇගයීීම් වාර්ථාවක් පදනම නොකරගෙන මෙම ආයතනය පිහිටුවා ඇත  මින් ගම්‍ය වනුයේ කාර්මාන්ත ආයතනය පිහිටුවීම සැබවින්ම පරිසරයට හා මිනිසුන්ට ද විශාල හානියක් සිදුවන බව අවබෝධය සහිතව මෙම කර්මාන්තය ආරම්භ කර ඇති බවයි. එසේම එසේ සිදු කිරීම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීමකි.

 

මෙම ආයතනයට සේවකයන් බඳවා ගැනීම මෙන්ම ඉවත් කිරීම වැනි ක‍්‍රියාවන් නිසි ක‍්‍රියා පටිපාටියකට යටත් නොකොට සිදුකරන බව සේවකයන් පවසා සිටියි. බොහෝ සේවකයන් කර්මාන්ත ආයතනයෙන් ඉවත් වන විට විවිධ රෝගාබාධයන්ට ලක්ව සිටින බවත්, ඔවුන්ගේ සිරුරට ඊයමි ගැටළු වී ඇති බව ඔවුනට වෛද්‍යවරු පවසා ඇති බවත් සේවකයන් පවසා සිටී.
 මේ අනුව සේවකයන් සම්බන්ධව අනාරක්ෂිත ක‍්‍රියා පටිපාටියක් මෙම කර්මාන්ත ආයතනයේ පාලන අධිකාරිය අනුගමනය කරමින් තමන්ගේ ගැලවීම සදහා සේවකයන්ගේ ජීවිත ප‍්‍රණ ඇපයට තබා ඇත.

 

නිකෝ කර්මාන්තයේ සමස්ථ ක‍්‍රයාවලිය විනාශකාරී එකක් බව තහවුරු වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් කරන ලද  නිරීක්ෂණ වාර්ථාව සලකා බැලීමෙන් සේවකයන් විසින් බැටරි අතින් බිඳ දමා ඊයම් කොටස් හා ප්ලාස්ටික් වෙන් කරයි. බැටරි තුල ඇති සල්ෆියුරික් අම්ලය H2so පසට එකතු වීම හා එයින් තෙත් වන ඊයම් කොටස් දහනය තුලින් සල්ෆ ඩයොක්සයඞ් so විමෝචනය වී වායු දූෂණය සිදුකරන අතර දහනයෙන් ඉවත් කරගත් ඝණ වූ මිශ‍්‍රණය ඊයම් වෙන් කිරීමට දෙවන උදුනට (Refind pot)  දැමීම සිදුකරන අතර මෙම උදුන ඉන්ධන හා දැව වලින් ක‍්‍රියාත්මක වේග  එයින් පිටවන වායු හා වාෂ්ප පිරිසිදු කිරීමට නිසි ක‍්‍රමවේදයක් අනුගමනය නොකරන අතර  විවිධ අපද්‍රව්‍ය සහිත වායු හා ඊයම් වාෂ්ප වායුගෝලයට එක්වීම සිදුවේ. වාෂ්පී කරණයට වඩා වාෂ්පීභවනය සිදුවීම මගින් ඊයම් අංශු වායුගෝලයට එක්වේ. ගම්වැසියන් පවසන පරිදි රාත‍්‍රී කාලයේදී විෂ වායු මුදා හැරීමට මොවුන් කටයුතු  කරමින් සිටී.

 

කාර්මාන්තය  විසින්  අප ජලය බැහැර කිරීමට නිසි ක‍්‍රමවේදයක් නොමැති නිසා ජලය දියවී ඇති ඊයම් ප‍්‍රමාණය හා ආම්ලික අංශු ප‍්‍රමාණය ඉහළ අගයකින් යුක්ත වීම,  ජලය දූෂණය වීමට හේතු වී ඇති අතර බැටරි වල ඇති ප්ලාස්ටික් ආවරණ හා ඊයම් උණුකිරීමෙන් අනතුරුව භාවිතයට ගත නොහැකි ලෝහ කොටස් තැන් තැන් වල දැමීම හේතුවෙන් අවට පරිසරයටත්, පසටත් මෙම විෂ සහිත අපද්‍රව්‍ය එකතුවේ. එමෙන් මෙම අපද්‍රව්‍ය මතුපිට ජලයට එකතු වීම නිසා ඒවා ප‍්‍රදේශය පුරා ජල මූලාශ හා පසට එක්වීමෙන් අවට ජල මූලාශ‍්‍ර හා පස දූෂණය කරයි.
මිනිසා සහිත සියලූ සත්ව හා ශාක ප‍්‍රජාවටත්, පස, ජලය හා වාතය ඇතුළු සමස්ථ පරිසර පද්ධතියම විනාශ කිරීමට මෙම කර්මාන්ත ශාලාව බලපා ඇත. මධ්‍යම පරිසර අධිකාරිය විසින් කරන ලද නිරීක්ෂණ වාර්ථා අනුව මෙම ආයතනය උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කරන නීති විරෝධී කර්මාන්ත ශාලාවකි. 2008.02.01 උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ අති විශේෂ ගැසට් පත‍්‍රය අනුව  මෙවන් කර්මාන්ත ශාලාවක් පවත්වාගන යෑම නීිති විරෝධී ක‍්‍රියාවලියකි.

 

එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව විසින් නිකුත් කරන විෂ සහිත දුමාරය නිසා හුස්ම ගැනීිමේදී පවා ඊයම් අංශු ශරීර ගතවන අතර ඇස්මා තත්ත්වයට ගොදුරු වීමත්, මිනිසුන් අසනීප තත්ත්වයනට ගොදුරු වීමත් දිගින් දිගටම සිදුවේ.
පසේ හා ජලයේ ඊයම් සංයුතිය වැඩිවීම ඊයම් හා බැරලෝහ  පරිසරයට මුක්ත වීම,  පරිසර පද්ධතීන් වල සිටින ශාක හා සත්ත්ව ප‍්‍රජාව විනාශ වී යාමට හේතුවේ. විශේෂයෙන් මිනිස් සිරුරට ඇතුළු වීමෙන් වකුගඩු ආබාධ ඇති වීම මෙන්ම මිනිසුන්ගේ මොළයේ ශෛල විනාශ වීමට බලපානු ලබයි.
පාතවැව ගම්වාසීන් අද වනවිට නිකෝ කර්මාන්ත ශාලාව හේතු කොට ගෙන විවිධ රෝගාබාධ වලට ගොදුරු වී ඇති අතර තම දරුවන් නිතර රෝගයන්ට ගොදුරු වීම බරපතල ප‍්‍රශ්නයක් බවට පත්වී ඇත.
නමුත් මෙම ගැටළුව විසඳීමට පරිසරය සුරැුකීමට පිහිටුවා ඇති ආයතන ක‍්‍රියාත්මක වීම කෙසේ වෙතත් පරිසරය හා ජනයා නසන කර්මාන්ත ශාලාව සුරැකීමට දිගින් දිගට මැදිහත් වෙමින් සිටී.
මෙම විනාශකාරී කර්මාන්ත ශාලා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගාමිණි ජයවික‍්‍රම පෙරේරා විසින් පිහිටුවන ලද වයඔ පළාත් පරිසර අධිකාරිය  නැමති දූෂිත ආයතනය  මැදිහත්වීම සිදුකරන අතර පරිසර විනාශ කාරී නිකෝ කර්මාන්ත ශාලාව ආරක්ෂා කිරීම වෙනුවෙන්  ඔවුුන් පෙළ ගැසී සිටිති.

 

පාර්ලිමේන්තු පනතකින් සම්මත වී නොමැති මෙම ආයතනය දූෂිත කර්මාන්ත ශාලා වලට  වයඔ පළාත තුළ ඉඩ කඩ සපයා ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය මෙම ආයතනයට එරෙහිව පියවර නොගැනීමත් පුදුමයට කරුණකි.

 

SC/FR/2006/226  ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරයේ දී විනිසුරුවරයා විසින් මෙම ආයතනය පාර්ලිමේන්තු පනතකින් සම්මත වී ඇද්දැයි පළාත් පරිසර අධිකාරියෙහි අධ්‍යක්ෂක සමන් සේනානායකගෙන් විමසා ඇති අතර ඒ අනුව අධිකරණය මුලා කල සමන් සේනානායක මෙම ආයතනය පාර්ලිමේන්තු පනතකින් සම්මත වී ඇති බව පවසා තිබේ. එසේ සම්මත වී ඇත්්නම් ඉදිරියට කටයුතු කරගන යාමේ හැකියාව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයකට පැමිණ ඇත.

 

SC/FR/2006/226  ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ නිගමනය හුවා දක්වමින් මෙම ආයතනය නිත්‍යානූකූල ආයතනයක් බව පෙන්වාදෙන සමන් සේනානායක  වයඔ පළාත තුළ දූෂිත කර්මාන්ත ශාලා පිහිටු වීමට අවසර ලබා දෙනු ලබයි.

 

නමුත් මෙම තත්වය වලකාලීමට මධ්‍යම පරිසර අධිකාරියට හා පරිසර අමාත්‍යවරයාට හැකි අතර ඔවුන්ගේ් නිහඬභාවය වයඔ පළාතේ පරිසරය හා ජන ජීවිතයත් අවසානයේ සමස්ත රටවැසියාගේ ජීවිතත් සමස්ථ පරිසර පද්ධතියත් අර්බුදයකට ගෙන යාමට හේතු වී ඇත.

 

පූජ්‍ය වෑකඳවල රාහුල හිමි
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles