Sex & Love ප්‍රසංගය ගැන මහේල සහ සංගා ගෙන් විශේෂ ප්‍රකාශයක්..!

0
829

පසුගියදා පැවැත්වුණු Enrique ගේ Sex & Love ප්‍රසංගයේ ප්‍රේක්ෂකයන්ට සිදුවුණු අඩුපාඩු සම්බන්ඳවා හානිපූරණය කිරීමට තමන් තීරණය කල බව හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත. ඔවුන්ගේ නිල ෆේ්ස්බුක් ගිණුම් හරහා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන් විසින් කටයුතු කර ඇත.

ප්‍රසංගයයේ රුපියල් 35000ක ප්‍රවේශපත් ලබාගත් පිරිසට පවා පැය ගණනක් තිස්සේ ප්‍රසංගයේ ආරක්ෂකයන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් පෝලිම්වල තෙරපෙන්නට සිදුවීම සම්බන්ධව සහ අදාල ගායකයා ප්‍රසංගය ඇරඹීමට පැය දෙකකට අධිකා කාලයක් ප්‍රමාදවීම වැනි කාරණා පිළිබඳව මෙම ප්‍රකාශය තුලින් මහේල සහ සංගා දැඩිසේ කණගාටුව පලකර ඇත.

එසේම කොළඹ මහනගර සභාවට බදු වශයෙන් ගෙවිය යුතු මුදලක යම් අඩුවක් පවතින්නේනම් එය වහාම පියවීම සිදුකරන බවටද සඳහන් කර ඇත. එසේම ප්‍රසංගය සම්බන්ධව කිසිවෙකුහෝ සෑහීමකට පත්නොවේනම් මුදල් ප්‍රතිපූර්ණයක් කිරීමටද තමන් සූදානම් බව Live Events ආයතනය වෙනුවෙන් තමන් දෙදෙනා සූදානම් බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රසංගය මේවන විට ලංකාව තුල ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්වී ඇති අතර ඔවුන් දෙදෙනා පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර  ප්‍රසංගයක අත්දැකීම ලබාදීම තමන්ගේ අරමුණවූ බවයි.

(මූලාශ්‍රය – ඩේලිමිරර්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here