Wednesday, May 15, 2024

අර්ජුනගෙන් තිලංගගේ රේස් බුකියට ප්‍රහාරයක්..!

මේ දිනවල දැඩිලෙස ආන්දෝලනයට තුඩුදෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න බොහොමයකට හේතුවී ඇත්තේ රේස් බුකිකරුවන් ක්‍රිකට් පරිපාලනයට අතගැසීම නිසාබව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරයි.

තිලංග සුමතිපාල මහතාගේ සුමති සමූහ ව්‍යාපාරයට අයත් Sporting Stars ආයතනයේ මීට කලකට ඉහත පටන් ක්‍රිකට් තරඟ සඳහාද ඔට්ටු තැබීම ආරම්භකර ඇති බවත්, එවන් වූ ව්‍යාපාර සිදුකරන අතරතුර ක්‍රිකට් පරිපාලනයටද පිවිසීමට උත්සහ කිරීම තුල ක්‍රිකට් තරඟ පාවාදීම් සඳහා ක්‍රීඩකයන් යොමුකිරීමට සහ ක්‍රීඩකයන්ට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ වැඩිබව රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.

කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර පුහුණුවීම් සඳහා පන්දු යවන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙක් හරහා තරඟ මුදලට පාවා දීම සඳහා ආරාධනා කර ඇති අතර, ඔවුන් එය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත වහාම දැනුම් දී ඇති බව පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හෙළිකරන ලදි.

එසේම කුසල් ජනිත්ට එරෙහිව තහනම් උත්තේජක චෝදනා එල්ලවීමද අදාල කුමන්ත්‍රණයක කොටසක්ම විය හැකි බවට සැකයක් මතුව ඇත.

අතීතයේදී නැගී එන ක්‍රීඩකයන්ට එරෙහිව මෙවැනි බාධක එල්ලවූ අවස්ථාවලදි ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතා දැඩිව ක්‍රිියාත්මකවීමෙන් එම ගැටළු නිරාකරණය කරගැනීමට සමත්වූවත් වර්තමානයේ පාලක මණ්ඩලයේ අකර්මණ්‍ය බව නිසාම බොහෝ ගැටළු පැනනැගී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles