පලස්තීනයට දිගටම ප්‍රහාර ඊශ්‍රායෙල් අගමැති

0
2396

තමන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර කිසිසේත් නතර නොකරන බව ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්හායු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායෙල් සහ පලස්තීන නායකයින් සමග වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. 

ඊශ්‍රායෙල් සහ පලස්තීනය අතර ගැටුම් ආරම්භ වී අදට දින 7කි.

විදෙස් මාධ්‍යවේදීන් රැඳී සිටි ගාසා තීරයේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ද ඊශ්‍රායෙල් ප්‍රහාරය එල්ල වී තිබේ.

අල් ජසීරා, ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනවල මාධ්‍යවේදීන් සහ තවත් ස්වාධීන මාධ්‍යවේදීන් කිහිපදෙනකු එහි සේවය කරමින් සිට තිබේ.

නමුත්, ඊශ්‍රායෙල් අනතුරු ඇඟවීම්වලට ඇහුම්කම් දෙමින් ප්‍රහාරයට පෙර එම මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබුණි.

ඊශ්‍රායලය පවසන්නේ, මාධ්‍යවේදීන් රැඳී සිටියත් එම ගොඩනැඟිල්ලේ සැබෑ හිමිකරුවන් හමාස් සංවිධානය බවය. 

මේ අතර ගාසා තීරයෙන් ඊයේ (15) රාත්‍රීයේත් ඊශ්‍රායෙලයේ ටෙල් අවීව් නගරයට රොකට් ප්‍රහාර එල්ල වී තිබේ. 

නමුත්, ‘අයන් ඩෝම්’ හෙවත් යකඩ දොරටුව ලෙස සැළකෙන ඊශ්‍රායෙල ආරක්ෂණ ආවරණයෙන් එම රොකට් ප්‍රහාර වැලැක්වීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. 

ඊශ‍්‍රායෙල ගුවන් හමුදාව ගාසා තීරයේ වෙරළබඩ ප‍්‍රදේශවලට ගුවන් ප‍්‍රහාර 350 කට වැඩි ගණනක් එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here