Saturday, April 27, 2024

හෙට දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි…

හෙට දින කාර්යාලීය අවශ්‍යතා ඇති සේවක පිරිස් සදහා පළාත් අතර විශේෂ ුම්රිය පහක් ධාවනය වන අතර දිනපතා කාර්යාලීය අවශ්‍යතා සදහා පිටත්ව යන මගීන් සදහා උදේ සහ සවස් වරුවේ දුම්රිය ධාවනය වෙයිත දහවල් කාලයේ දුම්රිය කිහිපයක් අවශ්‍යතාව අනුව කොළමින් පිටත්වීම සහ කොළඹට පැමිණීම සිදුවනු ඇති.

රජය පළාත් අතර සංචරණ සීමා පැන වුවත් රජයේ සහ පෞද්ගලික අංශයේ  අත්‍යාවශ්‍ය රාජකාරී  සඳහා දුර බැහැර සිට පැමිණෙන මගින් සදහා පමණක් විශේෂ දුම්රිය පහක් හෙට(17) සිට යොදවා ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ලංකාදීපයට  පැවසීය.


ඒ අනුව උදෑසන 5.00ට මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් උදෑසන 4. 45 ට මහව සිට කොළඹ කොටුව දක්වාත්, උදෑසන 5.50 ට හලාවත සිට කොළඹ කොටුව දක්වාත්, උදෑසන 7.00ට බෝලවත්ත සහ පුත්තලම  අතරත්  උදෑසන 4:30 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා මෙම විශේෂ දුම්රිය යොදවා ඇතැයි සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

කොළඹ කොටුවෙන් පස්වරු 5.45ට  මහනුවර දක්වාත්, කොළඹ කොටුවෙන් පස්වරු 6.00ට මහව දක්වාත්, කොළඹ කොටුවෙන් පස්වරු 5:18 ට  හලාවත දක්වාත්, පුත්තලම සහ බෝලවත්ත අතර පස්වරු 4.00 ටත්, මරදාන සිට බෙලිඅත්ත දක්වා පස්වරු 4.40 ටත් එම දුම්රියන් යළි ගමන් කිරීමට නියමිතය.

එම දුම්රියවල ගමන් ගන්නා පුද්ගලයින්  තම අනන්‍යතාවය (රාජකාරි ඇඳුනුම් පතහා අයතන ප්‍රධානියාගේ සහතිකය )තහවුරු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය. මෙම දුම්රියන් වලට අමතරව එක්  එක් පළාත තුල පමණක් සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව  දුම්රිය ධාවනය කිරීම සඳහා අවසර ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පලාත තුල  කොළඹ කොටුව සිට අඹේපුස්ස, මරදාන සිට අලුත්ගම, කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ගමන් වාර හැට දෙකක් ධාවනය වන බව ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය වන අතර  කොළඹ කොටුව සිට අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, සහ ගම්පහ අතර ඒවා ධාවනය වේ.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය කොළඹ කොටුවේ සිට අලුත්ගම, කලුතර, පානදුර, ගල්කිස්ස, රත්මලාන, මොරටුව දක්වා ධාවනය කෙරේ.පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වාත් කැළණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, පාදුක්ක, කොස්ගම සහ වග දක්වා දුම්රිය ධාවනය වන බව ඔහු සඳහන් වැඩිදුරටත් කළේය. 

එම දුම්රියන් උපදුම්රිය ස්ථාන වල නවත්වන්නේ නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles