යෝෂිත රාජපක්ෂගේ ඉරණම ගැන ඇස්.බී ගේ කිබුල් කඳුළු

0
826

මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ පත්ව ඇති වාතාවරණය සම්බන්ධ තමන් දැඩිසේ කනස්සල්ලට පත්ව ඇති බව සමාජ සවිබලගැන්වීම හා සුබසාධන අමාත්‍ය ඇස්.බී.දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍ර‍කාශකර ඇත.

යෝෂිත රාජපක්ෂ යනු මෙවන් ඉරණමකට ලක්විය යුතු පුද්ගලයෙක් නොවන බවත් ඔහුට සමාජ ක්‍රියාකාරියෙක්,ක්‍රීඩකයෙක්ම මෙන්ම දේශපාලනඥයෙක් වශයෙන්ද ඉතා දීප්තිමත් අනාගතයක් තිබූ තරුණයෙක් බවද එහි සඳහන්ව ඇත. ඔහුගේ ඉරණමට වගකිව යුත්තන් වන්නේ ඔහු වටා සිටි වැඩිහිටියන් බවද දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here