Saturday, May 18, 2024

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි, ෆොන්සේකාට ලෙඩක්?

සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ පැන නැගී ඇති ගැටළුව නිරාකරණය කරගැනීමේ අරමුණින් එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බවට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා දන්වා ඇත.

එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවෙන් පරාජයට පත්වූ සහ පක්ෂයෙන් බාහර පුද්ගලයෙක්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම තුළින් පක්ෂයේ ප්‍ර‍තිපත්ති වලට එල්ලවන්නේ මරු පහරක් බව ඇතැම් එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන්ගේ මතයයි. එසේ පරාජයට පත්වූ පුද්ගලයෙක්ට ඉඩ ලබාදෙනවානම් ඉතා සීමිත මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවේ වරම් අහිමිවූ සහ එ.ජා.ප රජයක් ගොඩනැගීමට විශාල කැපකිරීම් සිදුකල පුද්ගලයන් ගණනාවක ලයිස්තුවක් තිබියදී පක්ෂයෙන් බාහිර පුද්ගලයෙකුට ජාතික ලයිස්තුවේ ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ.

එසේම එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා බිම් මට්ටමින් සැලසුම් සැකසිය යුතුව තිබියදී තවමත් බොහොමයක් ආසන සංවිධායකවරුන් තමන්ගේ ආසනයේ කටයුතු හෝ නිසියාකාරව සිදු නොකරන තත්ත්වයකදී පක්ෂයේ සංවර්ධනය උදෙසා දැඩි තීන්දු තීරණ ගැනීමේ අරමුණින් මෙලෙස විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

(ජනරඟ දේවසුරේන්ද්‍ර‍)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles