Friday, May 10, 2024

යහපාලන ඇමති බලෙන් කරන ගොඩකිරීම්

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් අවභාවිතාවේ යොදවමින් ආයෝජන ප‍්‍රවර්ධන හා හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහතා වගුරුබිමක් ගොඩකිරීමට ක‍්‍රියාකරඇත.

මෙම වගුරුබිම පිහිටා ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලඹේ ගොවිජන සේවා බලප‍්‍රදේශයේය.

‘කටකලගහඕවිට’ නම් දැනට වගා නොකරන කුඹුරුයාය වෙනත් පුද්ගලයකුගේ මුදල්වලින් මිලදීගැනීමට කටයුතුකර තිබුණේ සුජීව සේනසිංහ මහතාය.

සේනසිංහ මහතා නමින් ඉඩම මිලදී ගත්තත් අදාළ පුද්ගලයාට දිගින් දිගටම මුදල් ගෙවීම පැහැරහැර තිබූ අතර පසුව ඔහුගේ බැගෑපත් ඉල්ලීම මත සේනසිංහ මහතා අදාළ මුදල සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතුකර තිබිණි.

මිලදීගත් වගුරුබිම කුඹුරු ඉඩමක් නොවනබව පෙන්වාදෙමින් එම වගුර ගොඩකිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා 2013 වසරේ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකළේය SC (F/R) NO 181/2013 යටතේ එහි තීන්දුව ප‍්‍රකාශයට පත්කෙරුණේ 2013.07.27 වන දිනය.

එම නඩුතීන්දුවට අනුව මෙම ඉඩම වීවගාවට නුසුදුසුබව පෙන්වාදී ඇතත් වගුරුබිම ගොඩකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසරලබාදී නැත.

මෙම ඉඩම කුඹුරු ඉඩමක් නොවනබව තහවුරුකරන ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාට සුජීව සේනසිංහ මහතා විසින් කරනලද ඉල්ලීමට ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා පිළිතුරු යවාතිබුණේ ද කුඹුරු ඉඩමක් නොවන බව තීරණය කළත් මෙම ඉඩමේ කිසිදු ආකාරයේ පස් පිරවීමක් නොකළ යුතුය යන්නය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතීන්දුවත් ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ නිර්දේශයත් නොතැකූ නීති,  හා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අනවසර හා නීති විරෝධී ලෙස ‘කටකලගහඕවිට’ වගුරු බිම පස්පුරවා ගොඩකර දැමුවේය.

සේනසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක් යොදාගනිමින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ නිරතවූ Taisei Correrhtions සමාගමට දන්වා ඇත්තේ පාවිච්චියටගත නොහැකි ද්‍රව්‍ය සහ ඉවත්කරන ද්‍රව්‍ය මෙම ඉඩම ගොඩකිරීම සඳහා යොදවන ලෙසයි.

ඉඩමක් ගොඩ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහනගර සභාව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිර්දේශ ලබාගත යුතුය. රාජ්‍ය අමාත්‍ය හා නීතිඥ සුජීව සේනසිංහ මහතා කිසිදු රාජ්‍ය ආයතනයකින් අවසර නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා අවභාවිතයේ යොදවමින් කටයුතුකර තිබිණි. මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසියකු වන එල්.ඒ.ඞී.එම්. ඉඳුසීල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර ඇත.

(දයානෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles