වෙලේ සුදාට ඇප

0
860

ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකල නඩුවට අදාලව ඇප ලබාදීමට කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(18) කටයුතු කරනු ලැබීය.

අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් නියම කරනු ලද රුපියල් 5000ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින්වූ ශරීර ඇප මත වෙලේ සුදාට ඇප ලබාදීමට කටයුතු කරන ලදි. විදේශීය මුදල් හෙළිකල නොහැකි මාර්ග යටතේ ලංකාවට ගෙනඒම වෙලේ සුදාට එරෙහිව එල්ලකරන ලද චෝදනාව විය.

එසේම වෙලේ සුදා සමග මුදල් ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් මෙරට ප්‍ර‍කට දේශපාලනඥයන් කිහිප දෙනෙක්ට සහ නිළියන් කිහිප දෙනෙකුට එරෙහිවද චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත් මේ වනවිට වෙලේ සුදා පසුවන්නේ 2008 ගල්කිස්ස උසාවිය විසින් හෙරෝයින් ග්‍රෑම් 7.05ක් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් මරණ දඬුවමට යටත්වය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here