Friday, May 10, 2024

උඩුවේ උන්නාන්සේගේ “සිල්“ පද බිඳීම

පන්සලේ දමා ගිය අලි පැටවා තමා විසින් බලාගත් බවට උඩුවේ ධම්මාලෝක හිමියන් කරන ලද ප‍්‍රකාශය සාවද්‍ය ප‍්‍රකාශයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබේ. ඇලන් මැතිනියාරාමයේ අලි පැටියා බලාගත් ඇත්ගොව්වා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් ලබා දී ඇත.

එම සාක්ෂිකරු ප‍්‍රකාශ කර ඇත්තේ උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම ඇත් පැටියා අලි රොෂාන්ගෙන් මිලදී ගත් බවයි. උඩුවේ හිමියන් මිලට ගත් අලි පැටියා බලා ගැනීම තමන්ට පැවරූ බවත් ඇත්ගොව්වා සඳහන් කර ඇත. තතු එසේ තිබිය දී පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වා පන්සලේ ගේට්ටුව ළඟ දමා ගිය අලි පැටියා තමන් විසින් හදාගත් බවට උඩුවේ හිමියන් කරන ලද ප‍්‍රකාශය විහිළුසහගත එකක් බවත් එය මේ රටේ ජනතාවට මුසාව දේශනා කිරීමක් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

පවතින නීති අනුව ජාතික වස්තුවක් ලෙස සැලකෙන අලි පැටියකු ගේට්ටුව ළඟ දමා ගියත් රහසිගත ලෙස ළඟ තබා ගැනීම නීති විරෝධී බවත් ලොව දුලබ වන ජීවියකු ගෘහාශ‍්‍රිතව ඇති කරන බල්ලන් පූසන් සේ සැලකීමට නීතියෙන් ඉඩක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.

අලි පැටියකු ළඟ තබා ගන්නේ නම් ඒ සඳහා නීතිමය ක‍්‍රියාවලියක් සම්පූර්ණ කළ යුතුව ඇත. උඩුවේ හිමියන් එකී වගකීම පැහැර හැර සාපරාධී සහ සාවද්‍ය ලෙස අලි පැටියා තමා සන්තකයේ රඳවාගෙන ඇත. ඇත් ගොව්වාගේ සාක්ෂිය අනුව වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය. නීති විරෝධී ලෙස අලි පැටියා ළඟ තබා ගැනීම සම්බන්ධව සියලූ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයාට අදාළ ලිපිගොනු යොමු කිරීමෙන් අනතුරුව උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නිර්දේශ කර ඇත.

උඩුවේ ධම්මාලෝක හිමියන්ට අමතරව අලි ජාවාරමට සම්බන්ධ තවත් චීවරධාරීන් හත් දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මීට අමතරව දෙව්රම්වෙහෙරේ වැඩ වසන කොළොන්නාවේ සුමංගල හිමියන්ගෙන් සජින් වාස් ගුණවර්ධන මිලදී ගත් අලි පැටියා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

12715701_135084233545071_5687024425219687840_n

12742557_135086980211463_8171684202849042775_n

12744258_135082360211925_3989023663811789264_n
අදාල අලිපැටියා සමග සුරතල් වෙන උඩුවේ ධම්මාලෝක හිමි

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පවා නිර්දේශ කර තිබිය දී අධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් අලි ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන්ට එරෙහිව ද නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වීම ගැටළු සහගත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.

(දයා නෙත්තසිංහ)

මේ සම්බන්ධ මුල්ම හෙළිදරව්ව කරන ලද්දේ cia.lk වන අතර 2016.01.25 මෙම වෙබ් අඩවිය පළවූ පුවත කියවන්න

අලිපැටියෙක් වැරදිලා දාලා ගිහින්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles