Saturday, November 16, 2024

ගුරු – විදුහල්පති අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග අද දහවල් ප්‍රකාශයට

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග අද දහවල් ප්‍රකාශයට පත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අතර දහවල් පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඉදිරි පියවර ප්‍රකාශයට පත් කරන බවයි.

වැටුප් විෂමතා විසදීමට අදාලව පත් කළ කැබිනට් අනු කමිටුවේ යෝජනාව කිසිසේත් පිළි ගත නොහැකි බවද මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළා.

ගුරු විදුහල්පති වැටුප් ගැටලූව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ සඳහන් කලේ.

වැටුප් විෂමතා ගැටලූවට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 45 වන දිනටත් ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles