අතරමග අත්හිටවූ IPL අද සිට යළි ඇරඹෙයි

0
381

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භවනවා.

දෙවන අදියර ආරම්භ කරමින් පළමු තරගය අද පැවැත්වෙන්නේ පස්වරක් අයි පී එල් ශුරතාව දිනු මුම්බායි ඉන්දියන්ස් සහ තෙවරක් එහි ශුරයින් වු චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අතරයි.

ඩුබායිහි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07යි 30ට ආරම්භ වනවා. දෙවන අදියරේදී දින 27ක් තුළ තරග 31ක් පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තොම්බර් මස 15වනදා පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි.

දෙවන අදියරේදී තරග 13ක් ඩුබායිහිදීත්, තරග 10ක් සාජාහිදීත්, තරග 08ක් අබුඩාබිහිදී පැවැත්වෙනවා.

මෙවර තරග වාරය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු එක්ව සිටීම විශේෂත්වයක්. වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඒ සඳහා අවස්ථාව හිමි කර ගත් අතර ඔවුන් මෙවර නියෝජනය කරන්නේ රෝයල්ස් චැලෙන්ජස් බැංග්ලෝර් කණ්ඩායමයි.

එම කණ්ඩායම සහභාගී වන පළමු තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here