ඇෆ්ගනිස්තානය තුළ IPL විකාශනය තහනම් කරයි

0
401

ඇෆ්ගනිස්තානය තුළ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කර තිබෙනවා.

අයි.පී.එල් තරග විකාශය අතරතුර ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් ඇතුළත් විය හැකි බැවින් එහි විකාශන කටයුතු එරට තුළ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට එරට පාලනය තලේබාන් සංවිධානය යටතේයි පවතින්නේ.සිනමාව, ක්‍රීඩාව වැනි විනෝදාස්වාදය සපයන බොහෝ අංශ සදහා එරට තුළ මේ වන විට විවිධ තහනම් පනවා ඇති අතර, කාන්තාවන්ට කිසිදු ක්‍රීඩාවට නිරත වීමට ද අවසර හිමි වන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here