අද රජයේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති නැහැ – කුමාර වෙල්ගම

0
290

වත්මන් රජය බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක නොකරන බවත් ඔවුන් ක‍්‍රියාත්මක කරන්නේ රාජපක්‍ෂ ප‍්‍රතිපත්තිය බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

හොරගොල්ල බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ඊයේ (26 වැනිදා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා මෙසේද කීය.

වත්මන් රජය බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. අපි ශ‍්‍රී ලංකා හැටියට ඉදිරියට යනවා. අපි එක්ක හු`ග දෙනෙක් එකතුවෙනවා. ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න එනවා. පාක්‍ෂිකයෝ හැටියට අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආදරෙයි. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැන් පාලනය කරන නායකයොත් එක්ක අපි එකග නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here