Sunday, September 22, 2024

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතයට තවත් ක්‍රීඩකයින් 05ක්

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට තවත් අතිරේක ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (01) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් එලෙස අතිරේක ක්‍රීඩකයින් ලෙස කැඳවූ බවය.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ලහිරු මදුසංක, ආබාධයක් හේතුවෙන් කණ්ඩායම සමග එක් නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එක්සත් අරාබි එමීර්හී සත්කාරකත්වයෙන් පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අනිද්දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles