ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ ජය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ඒ ඕමාන කණ්ඩායම ලකුණු 19 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුනේ ඕමානයේ අල් – අමරත් ක්‍රීඩාංගනයේ දීයි.
තරගයේ කාසිය වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කල අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියේ දිනේෂ් චන්දිමාල් සමඟින් පැතුම් නිශ්ශංකයි.
ආරම්භක කඩුල්ල ලෙසින් දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබාම දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි කමිදු මෙන්ඩිස්වද ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඕමාන් පන්දු යවන්නන් සමත් වුණා.
අනතුරුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු වගකීම් සහගත පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ලකුණු 83ක් රැස් කලා.එයට හයේ 5 ක් සහ හතරේ පහර 3ක් ඇතුලත්.
පැතුම් නිශ්ශංක පන්දු 14කදී රැස් කලේ ලකුණු 8 ක් පමණයි. භානුක රාජපක්ෂ පන්දු 21කදී ලකුණු 15ක් රැස් කලා.
නායක දසුන් ශානක අර්ධ ශතකයක්ද සමගින් පන්දු 24කදී වේගවත් ලකුණු 51 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 162ක් දක්වා ඉහළ නැංවීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 162ක්.
පන්දු යැවීමේදී ෆයාස් අහමඩ් කඩුලු 2ක් බිද හෙලු අතර කවාර් අලි සහ කලීමුල්ලා එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.
ඒ අනුව ලකුණු 163 ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් පමණයි.
කුමාර් හරිෂ්භායිට කිසිදු ලකුණක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා නුදුන් අතර ජතීන්දර් සිංට ලකුණු 7කින් සෑහීමකට පත්වීමට සිදුවුණා.
සන්දීප් ගෞඩ් පන්දු 13කදී ලකුණු 17ක් රැස් කලා. අයන් ඛාන් ලකුණු 23ක් රැස් කල අතර මොහොමඩ් නදීම් පන්දු 32කදී ලකුණු 32ක් රැස් කලේ හයේ පහර දෙකක් සහ එක් හයේ පහරක්ද සමඟින්.
නසීම් කුශී පන්දු 22කදී වේගවත් ලකුණු 40ක් රැස් කලේ හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක්ද සමඟින්.
පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4ක් දවා ගත් අතර නුවන් ප්‍රදීප් සහ චාමික කරුණාරත්න අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාව හිමිකර ගත් අතර ශ්‍රී ලංකාව සහ ඕමානය අතර දෙවන තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.