ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පුහුණු තරගය අද

0
479

20 – 20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකාවත් බංග්ලාදේශයත් අතර පැවැත්වෙන පුහුණු තරගය අද (12 වැනිදා) රාත‍්‍රි 7.30 ට අඩුඩාබිහිදී ආරම්භ වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඒ කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා මුහුණ දීමට නියමිත අතර බංග්ලාදේශය ‘බී’ කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබීමේ වටය නියෝජනය කරයි.

බංග්ලාදේශය සමග තරගයෙන් පසුව ලබන 14 වැනිදා ශ‍්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයේ සිටින පැපුවානිව්ගිනියා කණ්ඩායම සමගද පුහුණු තරගයකට සහභාගි වීමට නියමිත වේ.

ඕමානය සමග පැවැති පුහුණු තරග දෙකෙන්ම ජයග‍්‍රහණ ලබා සිටින ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහී මානසිකත්වයකින් අද බංග්ලාදේශය සමග තරගයට මුහුණ දීමට නියමිත අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් ද බංග්ලාදේශ කණ්ඩායම මහමදුල්ලා විසින් ද මෙහෙයවනු ලබති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here