Saturday, September 21, 2024

මැතිව්ස් විශ්‍රාම යාම අත්හරියි – තේරීම්වලට සුදානම් බව කියයි

එළඹෙන ක්‍රිකට් තරඟාවලි සඳහා තමා තෝරා ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මැතිව්ස් 2021 ජූලි මස සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් කෙටි විරාමයක් ලබාගෙන තිබූ අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන බව ඒ වන විටත් ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බවට ද එකල මාධ්‍ය වාර්තා පල විය.

කෙසේවෙතත්, ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග වලට අනුව, ඔහුව ඉදිරි ක්‍රිකට් තරගාවලි සඳහා තෝරා ගැනීමට හැකි බව ඊයෙ (10) දන්වා තිබේ. 

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන අතර, එළඹෙන විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔහු නොමැති වුවද, ඔහු ශ්‍රී ලංකාවේ මීළඟ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මීළඟට සහභාගිවීමට නියමිත ක්‍රිකට් තරගාවලිය වන්නේ ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියයි.

ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 සඳහා ද ක්‍රීඩා කරයි.

ඔක්තෝබර් 27 දා ආරම්භ වන එළඹෙන දේශීය තරග වාරයේදී ඔහු කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සඳහා ක්‍රීඩා කිරීමට ද නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles