Saturday, November 16, 2024

මහේල අයියා කතාකළත් ඇති, ඒ දේවල් ඔළුවටම වදිනවා

මහේල ජයවර්ධන අයියා එක් වූ පසු කණ්ඩායමේ ලොකු ශක්තියක් ඇති වූ බවත්, ඔහු කථාකරන දේවල්වලින් පවා හොඳ අවබෝධයක් ඇතිවන බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ පැවසීය.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ඊයේ (20දා) පැවති තරගයෙන්ද පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, ඒ හේතුවෙන් පහසුවෙන්ම සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. මෙහිදී ශ්‍රී ලංකා ජයග්‍රහණයන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදීමට මහීෂ් තීක්‍ෂණට හැකි වූ අතර, ඔහු මේ වනවිට කඩුලු 06ක් බිඳහෙලා සමස්ත තරගාවලියේ වැඩිම කඩුලු දවාලූ පන්දු යවන්නන් අතර පෙරමුණේද පසුවෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මහීෂ් පවසා සිටියේ, තමන් යුද හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකළ කාලයේ ප්‍රධාන පුහුණුකරු වු‍නේ අජන්ත මෙන්ඩිස් බවයි. ඔහු අදටත් තමන් පන්දු යවනවිට යම් වරදක් වුවහොත් දුරකතනයෙන් හෝ කථාකර අඩුපාඩු පෙන්වා දෙන බව පැවසීය.

තවදුරටත් අදහස් දැක් වූ මහීෂ්,

මහේල අයියා කණ්ඩායමත් එක්ක දිගටම ඉන්නවා නම් ඇත්තටම කැමතියි. නමුත් මම හිතන්නේ නැහැ එයාට දිගටම ඉන්න පුළුවන් වෙයි කියලා. මහේල අයියා ආවට පස්සේ කණ්ඩායමේ ලොකු පොසිටිව් ගතියක් තියෙනවා. විශේෂයෙන් එයා කථා කරන දේවලුත් එක්ක. මහේල අයියාගේ ටෙක්නික්ස් වටලටත් වඩා, කථාකරන දේවල් ගොඩක් වෙලාවට ඔලුවට වඳිනවා.

මම වුණත්, වනිඳු අයියා වුණත් පන්දු යවන්න ගියාම එයා ප්ලෑන් එකක් දෙනවා මොකක්ද මේ මැච් එකේ වෙන්න ඕන කියලා. ඒ වගේම තරගය අතරතුරදීත් මොකක්ද කරන්න ඕන කියන එක මහේල අයියා හැම තිසේසෙම කියනවා.

මේ අතර අජන්ත මෙන්ඩිස් සම්බන්ධයෙන් අදහස් දැක් වූ මහීෂ්,

මම යුද හමුදා කණ්ඩායමට ගියාට පස්සේ වයස 23න් පහළ ප්‍රධාන පුහුණුකරු වු‍නේ අජන්ත මෙන්ඩිස් සර්. එයා හැමවෙලේම මගෙ පිටිපස්සෙන් ඉඳන් එයාට වෙච්ච දේවල්, එයා කරපු දේවල්, එයාට කරන්න බැරිවුණ දේවල් මට පෙන්වා දෙනවා. මගේ අතින් අඩුපාඩුවක් වුණොත් දුරකතනයෙන් කථාකරලා හරි මට ඒ වරද හදාගන්න හැටි කියලා දෙනවා. ඇත්තටම ඒක මට ලොකු ශක්තියක්, යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles