අයර්ලන්ත ඉනිම ලකුණු 125කට සීමා වෙයි

0
337

අයර්ලන්තය සහ නැමීබියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන මූලික වටයේ තරඟයේදී මුලින් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 125ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණ කළේය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි පොල් ස්ටර්ලින් සහ කෙවින් ඕ’බ්‍රයන් පන්දු ඕවර 7.2ක් තුළ ලකුණු 62ක් එක් කළහ.

නමුත් ස්ටර්ලින් ලකුණු 38කට දැවී යාමෙන් අනතුරුව අයර්ලන්ත ඉනිම කඩා වැටුණි.

ඕ’බ්‍රයන් ලකුණු 25ක් රැස් කළේය.

පන්දු යැවීමෙන්, නැමීබියා කණ්ඩායමේ යාන් ෆ්රයිලින්ක් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here