Sunday, September 22, 2024

ශ්‍රී ලංකාවට කඩුළු 8 ක ජයක් – නෙදර්ලන්තය සිය දෙවන අඩුම ලකුණට දැවීයයි

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ නෙදර්ලන්ත කණ්ඩායම විස්සයි විස්සයි තරඟයක දී ලබාගත් සිය දෙවන අඩු ම ලකුණ වන ලකුණු 44ට දැවී ගියේ ය. මින්පෙර ඔවුන් 2014 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ ම ලකුණු 39කට දැවී ගියේ සිය අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.

මේත් සමඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම් 3ම දැවී ගොස් ඇත්තේ ශ්‍රී ලංකාව හමුවේ වීම ද සුවිශේෂී වේ. ඒ 2014 වසරේ දී ලකුණු 39කට නෙදර්ලන්තය, 2021 වසරේ දී ලකුණු 44කට නෙදර්ලන්තය සහ 2014 වසරේ ම ලකුණු 60කට නවසීලන්තය යි.

2021ලෝක කුසලාන තරඟාවලියේ මූලික තරඟ වටයේ කණ්ඩායම් දෙකේ “A” කාණ්ඩයෙහි ශ්‍රී ලංකාව සමඟින් අයර්ලන්තය,නෙදර්ලන්තය සහ නැමීබියාව යන රටවල් තරඟවැදුණු අතර අයර්ලන්තය සහ නැමීබියාව සමඟින් පැවති තරඟවල දී ද පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව නෙදර්ලන්තය සමඟ තරඟය ඉතිරි ව තිබිය දී ම සුපිරි 12 වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර මූලික වටයේ අවසන් තරඟයේ දී මෙලෙස දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

නෙදර්ලන්තය හා තරඟයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර පන්දුවාර 3ක දී ලකුණු 7කට කඩුලු 3ක් බිඳහෙලූ අතර සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දුවාර 3ක දී ලකුණු 9කට කඩුලු 3ක් බිඳ දැමී ය. නවක ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක් පන්දුවාරයක් පමණක් යොමුකළ නමුත් එහි දී කඩුලු 2ක් ලබාගැනීමට සමත් වීම ද සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 45 ලබාගන්නා ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles