විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (23දා) ආරම්භ විය. එහි පළමු කාණ්ඩය (GROUP 1) යටතේ තරග දෙකක් පැවති අතර, ඉන් ජය හිමිකර ගැනීමට ඔිස්ට්‍රේලියාව හා එංගලන්තය සමත් විය
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (23දා) ආරම්භ විය. එහි පළමු කාණ්ඩය (GROUP 1) යටතේ තරග දෙකක් පැවති අතර, ඉන් ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සමත් විය.
එංගලන්තයට කඩුලු 06ක ජයක්
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් වත්මන් ලෝක ශූර බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර කඩුලු 06ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමටද එංගලන්තයට හැකිවිය.
මෙහි පළමුව පන්දුවට පහරදුන් බ.ඉ. කොදෙව් කණ්ඩායමට පන්දුවාර 14.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 55ක් පමණි. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ කොදෙව්වන් දැවීගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර, ඔවුන් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීගොස් ඇත්තේද එංගලන්තය (45/2019) හමුවේය.
එමෙන්ම මෙය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් දැවීගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි. ශ්‍රී ලංකාව හමුවේ අවස්ථා දෙකකදී (39/2014, 44/2021) නෙදර්ලන්තතය දැවීයාම, කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ක්‍රිස් ගේල් (13) වාර්තා කරද්දී, එංගලන්තය වෙනුවෙන් ආදිල් රශීඩ් පන්දුවාර 2.2කදී ලකුණු 02ක් පමණක් ලබාදෙමින් කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.
මෙහිදී ලකුණු 56ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ කඩුලු 04ක් දැවී තරගයේ 09(8.2) වැනි පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර යාමට සමත් විය.
තරගය අවසන්වන තෙක් කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු ජොෂ් බට්ලර් පන්දු 22කදී ලකුණු 24ක් රැස්කිරීමට සමත් විය. කොදෙව්වන් වෙනුවෙන් අකීල් හුසෙන් කඩුලු 02ක් දවාගත් අතර, ඊට ඔහු විසින්ම රැකගත් අතිවිශිෂ්ට උඩපන්දුවක්ද විය.
ඔස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්
අබුඩාබිහි පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කර කඩුලු 05ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.
කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එහිදී සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ඔවුන් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ ලකුණු 118/9 සීමාවෙන් නවතා දැමීමට සමත් විය.
එහිදී ඒඩියන් මාක්රම් (40), කාගිසෝ රබඩා (නොදැවී 19) හා ඩේවිඩ් මිලර් (16) ඉනිම ගොඩනැගීමට දායක වූ අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක්, ජොෂ් හේසල්වුඩ් හා ඇඩම් සම්පා කඩුලු 02 බැගින් දවාගත්හ.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියාවට ලෙහෙසියෙන් ජයග්‍රහණය හඹායාමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩනොදුන්හ. මෙහිදී ඔස්ට්‍රේලියාව සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේ පන්දු 02ක් පමණක් ඉතිරිව තිබියදී වන අතර, ඒ වනවිට ඔවුන්ගේ කඩුලු 05ක් බිඳවැටී තිබුණි.
නායක ආරොන් ෆින්ච් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යද්දී, ස්ටීවන් ස්මිත් වටිනා ලකුණු 35ක් රැස්කළේය. එමෙන්ම ඔස්ට්‍රේලියානු ඉනිම ජයග්‍රහණය සම්පූර්ණ කරනවිට මාර්කස් ස්ටොයිනිස් පන්දු 16කින් නොදැවී ලකුණු 24ක් රැස්කරගෙන සිටියේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්රිච් නොකියර් කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (23දා) ආරම්භ විය. එහි පළමු කාණ්ඩය (GROUP 1) යටතේ තරග දෙකක් පැවති අතර, ඉන් ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සමත් විය.
එංගලන්තයට කඩුලු 06ක ජයක්
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් වත්මන් ලෝක ශූර බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර කඩුලු 06ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමටද එංගලන්තයට හැකිවිය.
මෙහි පළමුව පන්දුවට පහරදුන් බ.ඉ. කොදෙව් කණ්ඩායමට පන්දුවාර 14.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 55ක් පමණි. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ කොදෙව්වන් දැවීගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර, ඔවුන් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීගොස් ඇත්තේද එංගලන්තය (45/2019) හමුවේය.
එමෙන්ම මෙය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් දැවීගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි. ශ්‍රී ලංකාව හමුවේ අවස්ථා දෙකකදී (39/2014, 44/2021) නෙදර්ලන්තතය දැවීයාම, කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ක්‍රිස් ගේල් (13) වාර්තා කරද්දී, එංගලන්තය වෙනුවෙන් ආදිල් රශීඩ් පන්දුවාර 2.2කදී ලකුණු 02ක් පමණක් ලබාදෙමින් කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.
මෙහිදී ලකුණු 56ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ කඩුලු 04ක් දැවී තරගයේ 09(8.2) වැනි පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර යාමට සමත් විය.
තරගය අවසන්වන තෙක් කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු ජොෂ් බට්ලර් පන්දු 22කදී ලකුණු 24ක් රැස්කිරීමට සමත් විය. කොදෙව්වන් වෙනුවෙන් අකීල් හුසෙන් කඩුලු 02ක් දවාගත් අතර, ඊට ඔහු විසින්ම රැකගත් අතිවිශිෂ්ට උඩ පන්දුවක්ද විය.
ඔිස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්