රජයක් ලෙස ආණ්ඩුව ක්‍රියා කරන්නේ බොරතෙල් මිල ඉහල ගිය අවස්ථාවක වුවද පාඩු විඳිමින් මිල වැඩි නොකර ඉදිරියට පවත්වාගෙන යාම බවත් දැනටමත් ලංකාව තුල ඉන්දන ලබා දෙන්නේ තෙල් සංස්ථාව පාඩු විඳිමින් බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි. ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව පැවසීය.
“අපි ආණ්ඩවක් හැටියට රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාන්ඩ ලබා දනේන මැදිහත් වෙන්න ඕනේ. හැබැයි පැහැදි ලෙස ඇත්ත තිත්ත වුනත් ලෝකයේ තෙල් බැරලයක අද දවසේ මිල නෙමෙයි හෙට දවසේ මිල, ඊයේ දවස නෙමෙයි අද, දවස ගානේ මේක ගණන් යන්නේ රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලින්. ඩොලර් වලින් තෙල් බැරලයක මිල ඉහලය යනකොට මොකක්ද අපි රටක් හැටියට කරන්නේ. ඒ ගැන අපි අවබොධයක් ඇති කරගන්න ඕනේ දැනටත් තෙල් සංස්ථාව ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් දෙන්නේ සංස්ථාව පාඩු විඳගෙන මේ තත්වය ඇත්ත නමුත් තිත්තයි.
ඒ නිසා රජයක් විදිහට අපි බලන්නේ මෙච්චර වෙලඳපලේ මිල ඉහල ගිය වෙලාවක වුනත් මිල ඉහල දාන්නේ නැතිව ආණ්ඩුව පාඩු විඳගෙන කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක බලන්න. හැබැයි ආණ්ඩුවට කොපමණ කාලයක් අල්ලන් ඉන්න පුලුවන් වෙයිද. එක පැත්තකින් රටේ ආර්ථික වශයෙන් තියන මර්මස්ථාන ටික වැහිලා, සංචාරක ව්‍යාපාරය යන්තම් පණ ගහලා එන්න හදනවා.
ඒ වගේම මේ තෙල් මිල හැමදාම ඉහල තියන්නෙත් නෑ තෙල් මිල පහල යාමක් ඇතිවෙනවා ඒ නිසා මේ ටික කාලයක් මේ ගෝලිය වසංගතයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා”