බංග්ලාදේශයේදී ශ්‍රී ලංකා නාමය බැබළෙයි

0
352

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති දකුණු මධ්‍යම ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලියේදී කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. පදක්කම්ලාභී කණ්ඩායමට රුචිර සංජන ප්‍රනාන්දු, හංස ගයාෂාන් ජූඩ් මලින් ප්‍රනාන්දු සහ උදිත් සංකල්ප ඇතුළත් විය. එමෙන්ම මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස තරිඳු නඳුන් පෙරේරා මහතා කටයුතු කළේය.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද කාන්තා කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. අමායා සිතුම්, සපුමී අරුණෝදී සහ කෞෂානී චාතුර්යා පදක්කම් දිනූ කණ්ඩායමට ඇතුළත් වූ අතර, ඔවුන්ගේ පුහුණුකරු වූයේ ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු ලෙසද කටයුතු කරන රංජන තරංග මහතාය.

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පසුගිය කාලය පුරාවට දැඩි බාධක රැසකට මුහුණදීමට සිදු වූ අතර, විශේෂයෙන් පුහුණුවීම් කටයුතු  සඳහා ක්‍රීඩාගාරයක් ලබා ගැනීම පවා අසීරු කටයුත්තක් වී තිබුණි. එවන් අභියෝග රැසක් මැද ශ්‍රී ලංකාව දිනූ මෙම පදක්කම් ද්විත්වය විශේෂයෙන් අගයකොට සැලකිය යුතුය.

janamaga-menteam-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here