ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබන 5 වැනිදා සිදු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
නිවේදනයේ දැක්වෙන්නේ එම ක්රීඩක තෝරා ගැනීමේ අවස්ථාව සඳහා විදෙස් ක්රීඩකයින් 300 දෙනෙකු හා දේශීය ක්රීඩකයින් 300 දෙනෙකු ඉදිරිපත් වන බවයි.
Local Icon Player, Overseas Icon Player, Local Diamond Player, Overseas Diamond Player, Local Gold Player, Overseas Gold Player, Local Classic Player, Overseas Classic Player වැනි කාණ්ඩ ද ඊට අයත් අතර, Local Emerging හා Supplementary Local යනුවෙන් ද කාණ්ඩ දෙකක් මෙරට නවක ක්රීඩකයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.