Saturday, September 21, 2024

ජෛව බුබුල කැඩූ විනිසුරු ලෝක කුසලානයෙන් ඉවත් කෙරේ

එංගලන්ත විනිසුරුවරයෙකු වන Michael Gough මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහු තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධිය හේතුවෙන්.

ඒ අනුව ඔහුට ඔක්තෝබර් 28 වැනිදා සිට දින හයක කාලයක් සඳහා තරගාවලියට සම්බන්ධ වීමේ තහනමක් ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබුවා.

අවසරයකින් තොරව Michael Gough තමා නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටත්ව ගොස් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව තිබූ බවට අනාවරණය වී තිබුණා.

දින 6ක තහනමෙන් පසුව ඔහු යළි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණත් මේ වන විට ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles