Monday, November 18, 2024

බටහිර ඉන්දීය කොදෙවිවන් පරදවමින් ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රාහීව නිම කරයි

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඊයේ (04) පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබුණි.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 190ක ඉලක්කය හඹාගිය කොදෙව්වන්ට කඩුලු  08ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 169ක් පමණි.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ 35 වන තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කරමින්.

ශ්‍රී ලංකා ක්රී ඩකයන්ගේ තුන් ඉරියව් දස්කම් හමුවේ මෙම තරගයේදී පරාජයට පත්වූ වත්මන් ලෝක ශූර කොදෙව්වන්ට මෙන්ම ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබා ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වුණේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 42කට සීමා කරමින් කුසල් ජනිත් ලකුණු 29කට දැවී ගියා.

අනතුරුව පැතුම් නිස්සංක හා චරිත් අසලංක අතරේ දෙවැනි කඩුල්ල සදහා පන්දු 61කින් ලකුණු 91ක සබදතාවයක් ගොඩ නැගුණා.

පැතුම් ලකුණු 51ක් පන්දු 41කින් ලබා ගත් අතර, චරිත් පන්දු 41කින් ලකුණු 68ක් රැස් කළා.

දසුන් ශානක පන්දු 14කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 25ක්.

පන්දු යැවීමේ දී ඇන්ඩ්‍රි රසල් ලකුණු 33කට කඩුලු 2ක් ද, ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 42කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

නිකලස් පූරාන් ලකුණු 46යි. හුදෙකලා සටනක නිරත වූ ශිම්රන් හෙට්මයර් පන්දු 54කින් ලකුණු 81ක් ලබා ගත් නමුත්, කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන යාමට තරම් එම ඉනිම ප්‍රමාණවත් වූයේ නැහැ. හෙට්මයර්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණූ 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී වනිදු හසරංග, බිනුර ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චරිත් අසලංකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles