තවත් ලෝක වාර්තාවක් තබමින් අජන්ත මෙන්ඩිස් සතුව තිබු වාර්තාව වනිදු තම නම ඉදිරියේ ලියාගනි

0
381

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඊයේ (4) සමත් වුණා.

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 2ක් දවා ගැනීමත් සමගයි.

ඒ අනුව වනිදු මෙම තරගාවලියේ දී තරග 8කදී බිද හෙලා ඇති කඩුලු ගණන 16ක්.

මීට පෙර අජන්ත මෙන්ඩිස් විසින් 2012 වසරේ පැවැති ලෝක කුසලාන 20යි 20 තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගනිමින් 20යි 20 ලෝක කුසලාන තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

Hitwicket.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here