Sunday, November 17, 2024

මෙවර අවසන් පූර්ව වටය මගහැරැණත් ඊළඟ ලෝක කුසලානයේදී අපි ලොකු ගමනක් යනවා – දසුන් ශානක

අතපසුවීම් කිහිපයක් නිසා මෙවර ලෝක කුසලාන අවසන් පූර්ව වටය මඟහැරුණද, ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ගමනක් යාමට අවස්ථාව උදාවනු ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ අවසන් තරගයට ඊයේ (04දා) සහභාගි වූ අතර, එම තරගයෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර ලකුණු 20ක ජයක් ලැබීමට හැකිවිය. මෙම පරාජය හේතුවෙන් කොදෙව් කණ්ඩායමටද අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුවිය.

මෙහිදී තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසා සිටියේ, මෙම තරගාවලියට සහභාගි වනවිට ප්‍රශ්ණ රැසක් තිබුණු බවයි. නමුත් ඒ සියලු අභියෝග මැඳ කණ්ඩායම ක්‍රීඩාකළ ආකාරය අනුව සෑහීමට පත්විය හැකි බවයි.

“කණ්ඩායමක් විදියට අපි තරගාවලියට පුරාවටම හොදින් ක්‍රීඩාකළා. සියලු ක්‍රීඩකයන් තම තමන්ගේ දක්‍ෂතා අතරට පැමිණියා. අවාසනාවට යම් යම් අවස්ථා වල අපිගත් තීරණ නිසා වූ අතපසුවීම් නිසා අපට අවසන් පූර්ව වටයට යන්න නොහැකි වුණා.

නමුත් තරගාවලිය ක්‍රීඩාකළ ආකාරය ගැන සැහීමට පත්වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ තරගාවලියට එද්දී අපට ප්‍රශ්ණ ගොඩක් තිබුණා. ඒ අතින් බලපුවාම ක්‍රීඩාකළ ආකාරය ගැන ගොඩක් සෑහීමට පත්වෙන්න පුළුවන්. අපි දැක්කා මේ ලෝක කුසලානයේදී අපි අතින් වුණ අඩුපාඩු වගේම හොඳ දේවල්. නමුත් ඊළඟ ලෝක කුසලානයට අරගෙන යන්න හොඳ දේවල් ගොඩක් තිබුණා.

මම හිතන්නේ අපි අපේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ගේ උදව් කරගෙන, ඒ අයගේ අදහස් අරගෙන විශේෂයෙන් මහේල ජයවර්ධනත් අපිත් එක්ක ඉන්නවා. ඔවුන්ගේ පුහුණුකාරත්වය එක්ක වැඩකරලා, තවදුරටත් අපේ දක්‍ෂතා ඔපමට්ටම් කරගෙන ඊළඟ ලෝක කුසලානයේදී මීට වඩා ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා” යැයි දසුන් ශානක පැවසීය.

ඊළඟ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය ලබාදෙන අතර, එය ලබන 2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles